ත්‍රීරෝද මීටර වල නිවැරදි බව පරීක්ෂා කිරීමට මධ්‍යස්ථාන
ත්‍රීරෝද රථවල මීටරවල නිවැරදිභාවය මැනීම සදහා දිවයින පුරා සෑම දිස්ති්‍රක්කයක්ම ආවරණය වන පරිදි එහි කි්‍රයාකාරීත්වය පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථාන ආරම්භ කරන බව මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ේමසිරි කුමාර මහතා පැවසීය.
ති්‍රරෝද රථවල මීටර් පද්ධතිවල කි්‍රයාකාරිත්වය නිවැරදි නොවන බවත් ඔවුන් පාරිභෝගිකයන් රවටා මුදල් ගන්නා බවට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට පැමිණිලි ලැබී ඇති බවත් ඒ මහතා සදහන් කළේය.
ඒ හේතුවෙන් එම ත්‍රිරෝද රථවල සවිකළ මීටර පද්ධතියේ නිවැරදිභාවය පරීක්ෂා කිරීමට පරීක්ෂණ උපකරණ ගෙන්වීමට නියමිත බව ඒ මහතා කියා සිටියේය.
මෝටර් රථ දෙපාර්තමේන්තුව මගින් සෑම ත්‍රිරෝද රථයක් සදහාම මීටර් පද්ධතියක් සවි කිරීම අනිවාර්ය කර තිබේ.කෙසේ නමුත් ඇතැම් ති්‍රරෝද රථ රියදුරන් මෙම මීටර් පද්ධතිය සවිකිරීම අනිවාර්ය කිරීමට විරුද්ධ බවත් දිවයින පුරා ඇති සෑම ති්‍රරෝද රථයකම මීටර් සවිකර නොමැති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
.jpg)
0 comments:
Post a Comment