24H Best Sinhala News In Sri Lanka

Tuesday, 25 February 2014

බැංකුවේ යතුරෙන්ම දොර ඇර ඇතුළු වී

21:53 By Era



බැංකුවේ යතුරෙන්ම දොර ඇර ඇතුළු වී සේප්පුව කපන්න හදලා

අම්බලන්ගොඩ රාජ්‍ය බැංකුවකට හොරු ආවේ වෙල්ඩින් ලාම්පුවකුත් අරන්

අම්බලන්ගොඩ නගරයේ රාජ්‍ය බැංකුවකට ඇතුළු වූ කොල්ලකරුවන් පිරිසක් වෙල්ඩින් ලාම්පුවක් යොදාගෙන එහි යකඩ සේප්පුව කැපීමට උත්සාහ දරා ඇති බව හෙළි වී තිබේ.
මෙම වෙල්ඩින් ලාම්පුව සහ එය ක්‍රියාත්මක කරවීමට යොදා ගත් ගෑස් සිලින්ඩරය බැංකුවේ කාමරයක සඟවා තිබීයදී බැංකුව ඇතුළත පිරිසිදු කිරීමේ යෙදී සිටි සේවකයන්ට හමු වී ඇත්තේ පසුගිය 22 වැනිදාය. මේ පිළිබඳව අම්බලන්ගොඩ පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය එහි පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇත.
යකඩ සේප්පුව කැපීම සඳහා කොල්ලකරුවන් බැංකුවට ඇතුළු වී ඇත්තේ බැංකුවේම යතුරු පාවිච්චි කිරීමෙන් බවද පරීඬණවලදී හෙළි වී තිබේ. මේ අනුව කොල්ලකරුවන්ට බැංකුව ඇතුළෙන් සහායක් ලැඛෙන්නට ඇති බවට පොලීසිය සැක කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීඬණ පැවැත්වීම සඳහා ගාල්ල දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට, අම්බලන්ගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීඬක නිරෝෂන් රූපසිංහ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීඬක දමිත් ජයතිලක යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් බැංකුවට පැමිණ සිටියහ.

0 comments:

Post a Comment