ගව ඝාතනය නැවැත්වීමට ජනපති කටයුතු නොකළොත් රටේ කිසිවෙකු නොසිතන මොහොතක පරිවර්තනයක් වේවි
සිංහල රාවය උපවාසයක් අරඹයි
ගව ඝාතනය නැවැත්වීම ඇතුළු තම සංවිධානය ඉදිරිපත් කළ ඉල්ලීම් කිහිපය පිළිබදව ජනාධිපතිවරයාගේ මැදිහත්භාවය තවත් ප්‍රමාද වන්නේ නම් රටේ කිසිවෙකු නොසිතන මොහොතක සිතාගැනීමටත් අපහසු පරිවර්තනයක් සිදුවිය හැකි බව සිංහල රාවය සංවිධානය අවධාරණය කරයි.
කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට එක් වූ එම සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් මේ බව පවසමින් කියා සිටියේ ජනාධිපති මන්දිරයට යන්නට අවශ්‍ය නම් බැරියර් තිබුණද,නැද්ද යන්න අදාළ නොවන බවත්,එසේ බැරියර් දමා තම ගමන වැළැක්විය නොහැකි බවත්ය.
දුන් පොරොන්දු ඉටු කරනු, ගව ඝාතනය වැළැක්වීම ඇතුළු බෞද්ධයන්ගේ අයිතීන් සුරකිනුයන මැයෙන් ආරම්භ කළ සත්‍යග්‍රහය පැවැත්වූ ඊයේ (17දා) දිනයේදී ස්වාමීන් වහන්සේ කිහිපනමක් ඒ සදහා එක්ව සිටියහ.
මීට මාස 04කට පෙර ජනාධිපතිවරයා අපට පොරොන්දු වෙමින් කියා සිටියේ ගව ඝාතනය වැළැක්වීම සදහා අවශ්‍ය කි්‍රයාමාර්ග ගන්නා බවයි.අපි ඒ සදහා මාස 03 ක කාලයක් ලබා දුන්නා.දැන් එම කාලයටත් වඩා දවස් ගෙවිලා ගිහින් තියෙන හින්දයි අපි මහ පාරට වැඩම කළේ.ශ්‍රී දළ`දා වහන්සේ අබියසින් ඇරඹි අධිෂ්ඨානයේ පුනරාගමනයට කොළඹට ආවේ ඒ අනුවයි.යනුවෙන් උන්වහන්සේ පැවසූහ.
අපිට තවත් කල් බලා ඉන්න බැහැ.දවස් දෙකක් ඇතුළත ජනාධිපතිවරයා ලිඛිතව ැවසිය දිය යුතුයි ගව ඝාතනය නතර කරන බව.ඒ වගේම අන්‍යාගමීකරණය ඇතුළු අේප අනෙක් ඉල්ලීම් ගැනත් සොයා බැලිය යුතුයි.
මේ සදහා ජනාධිපතිවරයා ඉදිරිපත් කරනවා කිව්ව වැඩපිළිවෙළ තවමත් ඉෂ්ට නොවුණ නිසා මිසක පවතින රජයට එරෙහි වෙලා තවත් අයෙකු පාලන බලයට ගෙන ඒමට කරන වැඩක් නෙවෙයි මෙය.ඔය ලේකම්වරුන්ගේ ලිපි ලේඛණ අපිට වැඩක් නැහැ.කෙළින්ම ජනාධිපතිවරයා සමග පමණයි අපේ ගනුදෙනු සිදුවිය යුත්තේ.හැමදාම මෙතන වාඩිවෙලා ඉන්න බැහැ.තව දවස් දෙකයි අපි හරියටම බලන්නේ.ඊට පස්සේ මොනවා සිදුවෙයිද දන්නේ නෑයැයිද අක්මීමන දයාරතන හිමියෝ කීය.
.jpg)
0 comments:
Post a Comment