24H Best Sinhala News In Sri Lanka

Tuesday, 18 February 2014

අධිවේගී මගේ අමාරුවේ වැටුණු මගීන්ට පොලීසියෙන් කෙනෙහිලි

01:47 By Era

කොළඹ කටුනායක අධිවේගී මගේ ධාවනය වූ බස් රථයක හදිසි ගිනි ගැනීම හේතුවෙන් ජීවිතාරක්ෂාව පතා බසයෙන් බැස පැමිණි මගීන්ට අධිවේගී මාර්ගයේ පයින් පැමිණි බවට චෝදනා කරමින් පොලිස් නිලධාරීන් පැය භාගයක පමණ කාලයක් ර`දවාගෙන ප්‍රශ්න කිරීම නිසා මගීහු දැඩි අපහසුතාවකට පත් වූහ.
කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ ධාවනය වූ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් ඊයේ (17) උදෑසන මෙලෙස හදිසි ගිනි ගැනීමට ලක්ව ඇත.
අධිවේගී මාර්ගය හරහා ෑලියගොඩ පිටවුමෙන් කොළඹට ඇතුළු වීමට කිලෝමීටරයක පමණ දුරක් තිබියදී බස් රථයේ හදිසි ගිනි ගැනීම් තත්්තවයක් ඇතිව ඇතැයි බස් රථයේ රියදුරා කළ දැනුම් දීමකට අනුව මගීහු සියලූ දෙනා ඉක්මනින් බස් රථයෙන් බැස තිබේ.
මෙම බස් රථයේ පිටුපස දොර භාවිතා කළ නොහැකි ආකාරයට මගීන් සදහා අසුනක් සවි කර තිබීම නිසා මගීන්ට බසයට ගොඩවීමටත් බැසීමටත් තිබී ඇත්තේ ඉදිරිපස දොර පමණි.මේ නිසා හදිසි තත්ත්වයක් ඇති වුවත් බසයෙන් බැස ගැනීමට නොහැකිව බස් රථයේ දොරටුව අසල තදබදයක් ඇති වූ බව මගීහු පවසති.

0 comments:

Post a Comment