තීන්ත ගෑමට කියා වීරකැටියේ පාසල් සිසුන්ගෙන් පනස් දහස බැගින් ඉල්ලලා
කතානායක මැති සබයේදී කියයි
තීන්ත ගෑමට යැයි කියමින් වීරකැටියේ පාසල්වල ළමයින්ගෙන් රුපියල් පනස් දහස බැගින් ඉල්ලා ඇති බව කතානායක චමල් රාපක්ෂ මහතා පෙරේදා (18) පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතාට දැනුම් දුන්නේය.
කතානායකවරයා මෙම දැනුම්දීම කළේ, මොණරාගල දිස්ත්‍රික් එ.ජා.ප. මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් අසන ලද ප්‍රශ්ණයකට අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා පිළිතුරු දුන් අවස්ථාවේදීය.
ප්‍රශ්ණය මතු කරමින් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙසේ කීවේය.
පාසල්වල ඩෙස් බංකුවලට තීන්ත ගාන්න කියලා එක ළමයකුගෙන් රුපියල් දාහ දෙදාහ අය කරනවා. අධ්‍යාපන ඇමතිතුමා ඒ බව දන්නවාද?
අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා : සාමාන්‍යයෙන් ගමේ පන්සල්වලට, පල්ලිවලට මිනිස්සු කැමැත්තෙන් දාන දෙනවා. මේවාත් කරන්නෙ එහෙම තමයි. ගමේ මිනිස්සු වැඩ කරන්නෙ ඒ විදියටයි.
කථානායකවරයා : දාහ දෙදාහ නෙවෙයි, වීරකැටියේ මිනිස්සුන්ගෙන් නම් තීන්ත ගාන්න කියලා රුපියල් පනස්දාහ ගානෙ ඉල්ලනවා යැයිද කතානායකවරයා කීවේය.

0 comments:
Post a Comment