24H Best Sinhala News In Sri Lanka

Tuesday, 18 March 2014

යානයේ නියමුවා “සිමියුලේටර්” මෘදුකාංගයෙන් ලංකාවේ ගුවන්තොටකට බස්සන හැටි අත්හදා බලලා

අතුරුදහන්ව ඇති මලයාසියානු MH370 ගුවන්යානයේ නියමු ෂහාරි අහමද් ෂාහ්ගේ නිවසේ තිබී සොයාගන්නා ලද ගුවන් සිමියුලේටරයේ මෘදුකාංගයකින් ශ්‍රී ලංකාවේ ගුවන් පථයක්ද අධ්‍යයනය කර ඇති බව අනාවරණය වී තිබේ.
අදාළ සිදුවීම පිළිබඳ විමර්ශනය කිරීමේදී ඉන්දු-ශ්‍රී ලංකා ගුවන්පථ 3 ක්ද, අමෙරිකානු කේන්ද්‍රීය දියාගෝ ගාර්ෂිවේ ගුවන්පථයක්ද, මාලදිවයින් ජාත්‍යන්තර ගුවන්පථයක්ද , එම ගුවන් නියමුවා විසින් අධ්‍යයනය කර ඇති බව Malay Daily පුවත් සේවය උපුටා දක්වයි.
මගීන් 239 දෙනෙකු රැගත් මලයාසියානු ගුවන් යානය අතුරුදන් වී අදට දින 10 ක් සම්පූර්ණ වුවද මේ දක්වා ඒ ගැන නිශ්චිත හෙළිදරව්වක් සිදුකිරීමට පරීක්ෂණ පවත්වන කිසිදු රටකට හැකියාවක් ලැබී නැත.
ඉකුත් සතියේ (08) වැනිදා මලයාසියාවේ, ක්වාලාලාම්පූර් සිට චීනයේ, බීජිං දක්වා පියාසර කරමින් තිබියදී බෝයිං 777 වර්ගයේ එම්.එච්. 370 නැමැති යානය අතුරුදන් වූ බව විදෙස් පුවත් වාර්තා කරන ලදී.
එදින සිට මේ දක්වා මලයාසියාව, චීනය, අමෙරිකාව, රුසියාව, වියට්නාමය මෙන්ම ඉන්දියාව ද එය සෙවීමේ කටයුතුවල නිරත වන අතර එකී ගුවන් යානය මුහුදුට කඩා වැටුණු බවත් සුන් බුන් හමුවු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළද එයද මේ දක්වා නිශ්චිතව තහවුරු කර ගැනීමට හැකියාවක් ලැබී නැත‍.
ලොව ඉහළ යුද තාක්ෂණයක් සහිත අමෙරිකාව, රුසියාව ප්‍රමුඛ චීනයට ද මෙම ගුවන් යානයට සිදුවුයේ කුමක්දැයි ස්ථීරවම පිළිතුරක් ලබාදීමට හැකියාවක් නොතිබියදී එකී ගුවන් යානය පැහැර ගැනීමට ලක්ව ඇති බව මලයාසියානු බලධාරීන් පවසයි.
එසේ වුවද එය ද සැක සහිත ප්‍රකාශයක් බව එම වාර්තාවල දැක්වෙයි.
කෙසේ හෝ අතුරුදන්වු මලයාසියානු ගුවන් යානය සොයා සිදුකෙරෙන සෝදිසි මෙහෙයුම් සඳහා ජාත්‍යන්තරයේ විශේෂ අවධානයක් මේ වනවිට යොමුව තිබේ.
ඒ අනූව සෝදිසි මෙහයුම් මලයාසියානු අර්ධද්වීපයේ බටහිර ප්‍රදේශය වෙත වැඩි අවධානයක් යොමුකරමින් සිදු කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකානු එක්සත් ජනපදය විසින් ද අතුරුදන්වු මලයාසියානු ගුවන් යානය සෙවීම සඳහා විශේෂ නෞකාවක් සහ ආවේක්ෂණ ගුවන් යානයක් බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයට, අන්දමන් මුහුද සහ ඉන්දියන් සාගරය ආශ්‍රිත ප්‍රදේශයන්ට යවා ඇත.
අදාළ යානය අතුරුදන් වු වේලාවෙන් පසු පැය 05 ක පමණ කාලයක් ගුවනේ තිබු බවට ද විවිධ වාර්තා පළ වී තිබේ. කෙසේ වෙතත් මලයාසියානු සිවිල් ගුවන් සේවා බලධාරීන් පවසන්නේ යානය ක්වාලාලාම්පුර් දෙසට හරවා ඇති බවට තවමත් සැක පළ කළ හැකි බවයි.

Monday, 17 March 2014

මැලේසියානු යානය අතුරුදන් වී පැය ගණනාවක් අතර ඉස්මාර් සැට් චන්ද්‍රිකා සමග සබදතා


මැලේසියානු යානය අතුරුදන් වී පැය ගණනාවක් අතර ඉස්මාර් සැට් චන්ද්‍රිකා සමග සබදතා

අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය අතුරුදන් වූ දින අලූයම 1.30 සිට උදෑසන 8.11 දක්වා පැයකට වරක් ඉස්මාර් සැට් නම් චන්ද්‍රිකාව මගින් හදුනා ගැනීමට හැකි වූ බවට වාර්තා වේ.
අතුරුදන් ඵ්‍ය 370 ගුවන් යානය පසුගිය 8දා රේඩාර් තීරයෙන් නොපෙනී ගියත් මෙලෙස සොයා ගැනීමට හැකිව ඇත්තේ විශේෂ විද්‍යුත් සංඛ්‍යාත මගින් වීම විශේෂත්වයකි.
ඒ අනුව ප්‍රංශ සිවිල් ගුවන් ආරක්ෂක අධිකාරිය විශේෂ පරීක්ෂණ කණ්ඩායම් තුනක් මැලේසියාව වෙත පිටත්කර යවා ඇත.මොවුන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ කටයුතු කිරීමට නියමිතය.
මේ අතර අතුරුදන් ගුවන් යානයේ මගියෙකු වශයෙන් ගමන් කළ 29 හැවිරිදි මෝඩ් කයිරාල් නමැති ගුවන් යානා ඉංජිනේරුවරයෙකු පිළිබද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.මොහු පෞද්ගලික ගුවන් සමාගමක ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කරන්නෙකු වේ.ගුවන් යානයක ඉංජිනේරුවරයාගේ වගකීම වන්නේ ගුවන් යානයේ ප්‍රධාන පාලක පද්ධතිය කිසිම බාධාවකින් තොරව පවත්වාගෙන යාමයි.ඒ අනුව එවැන්නෙකුට ගුවන් යානය පැහැර ගැනීමේ හැකියාවක් පවතින බැවින් මෙම 29 හැවිරිදි ගුවන් යානා ඉංජිනේරුවා කෙරෙහි අවධානය යොමු වී ඇත.නමුත් මෙම මෝඩ් කයිරුල් නමැත්තා හට මගී ප්‍රවාහන ගුවන් යානයක් තම පාලනයට නතු කර ගැනීමට තරම් දැනුමක් නොමැති බවත් එහෙත් ඔහුව සැකයෙන් බැහැර කළ නොහැකි බව මැලේසියානු බලධාරීහු පවසති.

බොරැල්ල OIC ගේ මරණය —චේතාන්විතව කළ ඝාතනයක් ˜

බොරැල්ලOIC  ගේ මරණය —චේතාන්විතව කළ ඝාතනයක් ˜
සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ
පොලිස් මූලස්ථානය

රබර් ගසක් කපා බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා මරණයට පත් කිරීම —චේතාන්විතව කළ ඝාතනයක් ˜ බවත්, මේ නිසා ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් දෙකක් විශේෂ මෙහෙයුමක් දියත් කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
හංවැල්ල තුන්නාන ප්‍රදේශයේ කම්හලක් සම්බන්ධ ගැටලූවක් මුල් කර ගනිමින් සිදු කළ උද්ඝෝෂණයේදී උද්ඝෝෂණකරුවන් ගස් කපා දැමීමට අමතරව පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන්ටද ප්‍රහාර එල්ල කරන ලදි. එලෙස ප්‍රහාර එල්ල කළ සියලූම දෙනා අත් අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පමුණුවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.    
පොලිස් නිළධාරීන්ට හා විශේෂ කාර්ය බලකායේ නිළධාරීන්ට එල්ල කළ ප්‍රහාර නිසා නිළධාරීන් 06 දෙනෙකු තුවාල ලැබූ අතර, රථ වාහනයකටද අලාභ හානි සිදු වී තිඛෙන බව පවසා සිටියේය.    
මෙම ඝාතනයට සම්බන්ධ සහ පොලිස් නිළධාරීන්ට පහර දුන් පුද්ගලයන් නීතිය හමුවට ඉදිරිපත් කළ යුතු බවත්, මෙම පිරිස අත් අඩංගුවට ගැනීමට මෙම මෙහෙයුම සිදු කරන බවද පවසා සිටියේය.    
දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව මෙම ක්‍රියාව පිටුපස සංවිධානාත්මක පිරිසක් සිටින බවත්, මේ අනුව සිද්ධියට සම්බන්ධ සියලූම දෙනා ඉදිරි දින දෙක තුන තුළ අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.    

අතිශය දුලබ සුදු මොනරුන් ජෝඩුවක් හා සුදු ඉත්තෑවන් වැලිගම්පිටියෙන්

අතිශය දුලබ සුදු මොනරුන් ජෝඩුවක් හා සුදු ඉත්තෑවන් වැලිගම්පිටියෙන්

අතිශය දුර්ලභ ශ්‍රී ලංකාවේ දකින්නට අති විරල සුදු මොණරුන් ජෝඩුවක් හා සුදු (ඇලි) ඉත්තෑවකු වැලිගම්පිටියේ ගුරුගේ සොබා දහම් උයනේදී දැක ගත හැකිය. ජානමය වෙනස්කම් හේතුවෙන් මෙම සතුන් බිහි වුවද ඔවුන් බිහි කරන පැටවුන් සුදු පැහැ වීමේ සම්භාවිතාව ඉතා අල්පය. මෙම සුදු මොණරුන්ගේ හා ඉත්තෑවාගේ හිමිකාරිත්වය දරණ ආචාර්ය මර්වින් ධනවර්ධන ගුරුගේ මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාවේ එකම ස්ථානයකදී මෙම සතුන් දැක ගත හැකි වන්නේ තම සොබා දහම් උයනේදී යන්න විශ්වාස කරන බවය.






ලෝකයේ වැඩිම තෙල් පොහොර භාවිත කරන්නේ ලංකාවේ අපි

ලෝකයේ වැඩිම තෙල් පොහොර භාවිත කරන්නේ ලංකාවේ අපි
දේශීය වෛද්‍ය අමාත්‍ය ශාලින්ද දිසානායක

අද අපේ රට රසකාරක, කෘෂි රසායනික සහිත ආහාරවලට පුරුදු වී සිටින නිසා බොහෝ රෝගයන් කරේ පටලවාගෙන ඇති බැවින් නැවතත් අපි ස්වභාවික ගොවිතැනට යා යුතු බව දේශීය වෛද්‍ය අමාත්‍ය ශාලින්ද දිසානායක මහතා පැවසීය.
හම්බන්තොට රුහුණු මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පසුගියදා පැවති වස විසෙන් තොර බත් පතක් රටට ලබා දීමට දේශීය වී ගොවිතැන ප්‍රචලිත කිරිමට ගොවීන් දැනුවත් කිරීම සඳහා පැවති ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. කථානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විණි.  
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
—මියන්මාරයේ පොහොර ගහන්නේ ඒකක එකොළහයි. අපේ රටේ ඒකක දෙසිය හැත්තෑ හයක් තෙල් පොහෙර ගහනවා. ලෝකේ වැඩිම තෙල් පොහොර ගහන අය අපි. ඒ නිසා වැඩිම පිළිකා, වැඩිම වකුගඩු රෝග, වැඩිම නිල් දරු උපත්, වැඩිම ආතරයිටිස් ආදී බෝ නොවන සියලූ රෝග අපි දැන් උරුම කරගෙන තියෙනවා. මේකෙන් මිදෙන්නට අපි දැනටත් ප්‍රමාද වැඩියි. එතකොට බොහෝ අය කියන දේ තමයි අස්වැන්න නෑ කියන එක. නමුත් දැන් වසර විස්සක් පමණ පර්යේෂණ කළා. ඒ පර්යේෂණ වලින් අපි හොයා ගෙන තියෙනවා විශ්මිත අස්වැන්නක් ගන්න ක්‍රම. අපේ පාරම්පරික ඥානයට තාක්ෂණය එකතු කරලා තියෙන්නේ.
පසුගිය දවසක මම දඹානේ වැදි නායකයාගේ ගමට ගියාම එදා රෑ දඹානේ වන්නිල ඇත්තෝ කැලයේ මැද තියෙන මණ්ඩියක කිරි කොරහ නැටුවා. අපට එදා රෑ කන්න දුන්නේ අඟ=රුවල පිච්චූ මඤ්ඤොක්කා සහ බඩ ඉරිඟ=යි. රසකාරක මොනවත් ඒ අය දැම්මේ නෑ. ඒ අය කුරහන් රොටියි පැණියි දුන්නා. මම ආදිවාසී නායක ඇත්තන්ගෙන් ඇහුවා ඔබේ සමාජයේ දියවැඩියා රෝගීන් කොච්චර ඉන්නවද කියලා. ඔහු කීවේ අපේ සමාජයේ දියවැඩියා රෝගීන් නෑ කියලා.







ග්‍රාමීය මාර්ග රාත්‍රී සේවයට ලංගම බස්

ග්‍රාමීය මාර්ග රාත්‍රී සේවයට ලංගම බස්

දිවයින පුරා පිහිටි ග්‍රාමීය මාර්ග සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රාත්‍රී බස් රථ සේවාව විධිමත්ව යෙදවීමට ප්‍රවාහන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
මෙවර අයවැයෙන් බස් රථ 2100 ක් ගෙන්වීමට අනුමැතිය ලැබී ඇති බැවින්, එම බස් රථ මෙරටට ගෙන්වීමෙන් පසු මෙම රාත්‍රී බස් රථ සේවාව දිවයින පුරා ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පැවසීය. රාත්‍රී හයෙන් පසුව ග්‍රාමීය මාර්ගවල ගමන් ගන්නා මගී ජනතාවට රාත්‍රී බස් රථ සේවාවක් නොමැති වීම නිසා විශාල අපහසුතාවන්ට ලක් වීමට සිදුව ඇතැයි පෙන්වා දෙන අමාත්‍යවරයා, ඒ පිළිබඳව සඳහන් කරමින් අමාත්‍යංශයට පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී ඇතැයිද කියා සිටියේය.    
—මේ අයට වැඩි ගාස්තු ගෙවමින් විකල්ප ප්‍රවාහන සේවාවන්ගේ සහාය ලබා ගැනීමට සිදු වෙනවා. ඒ නිසා ලංගම බස් සේවාව විධිමත් අයුරින් පවත්වා ගැනීමට කටයුතු කරන්නැයි නිළධාරීන්ට මම උපදෙස් ලබා දුන්නා. පෞද්ගලික බස් රාත්‍රී කාලයේ ග්‍රාමීය මාර්ගවල ගමන් කරන්නේ නෑ. මෙහිදී රාජ්‍ය ප්‍රවාහන සේවය ලෙස ශ්‍රී ලංගමය වගකීමෙන් යුතුව මගී ජනතාවට ප්‍රවාහන පහසුකම් සැලසිය යුතුයි. එය ලාභය පමණක් නොව සේවාවක් ලෙස පවත්වාගෙන යා යුතුයි˜ යනුවෙන් වෙල්ගම මහතා පැවසීය.    
මෙම වැඩපිළිවෙළේ පළමු අදියර ලෙස කළුතර දිස්ත්‍රික්කයේ පානදුර - මහවිල, පානදුර - බේරගම, පානදුර - අම්බලන්දුව යන මාර්ගවලට රාත්‍රී බස්රථ සේවා යෙදවීමට ප්‍රවාහන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.    







ඔබ හැමගේ දුක් ගන්නා රාළ මමයි - ගීතා කුමාරසිංහ

ඔබ හැමගේ දුක් ගන්නා රාළ මමයි
ගීතා කුමාරසිංහ (එ.ජ.නි.ස.)

කාන්තාවන් සඳහා හ~ක් නැගීමට අද මේ රටේ කවුරුවත් නෑ. 54% ක් කාන්තාවන් සිටියත්, ගාලූ දිසාවට තරඟ කරන එකම කාන්තාව මමයි. මම මේ පළාත් සභාවට තරඟ නොකරන්නයි හිටියේ. මේ ඛෙන්තොට ප්‍රදේශයේ නගර නෑ. ගම් විතරයි තියෙන්නේ. මේ ගම්වල අඩුපාඩු පිරිලා. හොරවල මාතෘ නිවාසයේ හැටි බලන්න. ඛෙන්තොට හා ඉදුරුවල රෝහල්වල තත්ත්වයත් එහෙමයි. හැම තැනම මාර්ග පාලම් අබලන් වෙලා. 2014 වර්ෂය නිම වීමට පෙර මේ ප්‍රදේශයේ සියළුම මාර්ග හදා නිම කරන බව මම අද මෙහිදී ඉතා වගකීමෙන් කියනවා යැයි දකුණු පළාත් එ.ජ.නි.ස. අපේක්ෂිකා, ඛෙන්තර ඇල්පිටිය ශ්‍රී.ල.නි.ප. සංවිධායිකා, ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය. ඇය එසේ පැවසුවේ දීර්ඝ කාලයක් ඉතා අබලන් තත්ත්වයක පැවති මහවිල, හොරවල මාර්ගය කාපට් කිරීමේ කටයුතු ඇරඹීම සඳහා පැවති ජන හමුවක් අමතමිනි.
ගීතා කුමාරසිංහ මහත්මිය මෙසේද පැවසුවාය.
මිරිස්වත්තේ, බෝගහ ගොඩවත්තේ සිට මහවිල හරහා, හොරවල දක්වා කිලෝ මීටර් 4/2 ක දුර ප්‍රමාණයක් කාපට් කිරීම සඳහා මෙම ව්‍යාපෘතියට රුපියල් මිලියන 45 ක් ඇස්තමේන්තු කළා. අඩි 15 ක් පළලට මෙම මාර්ගයේ කාපට් අතුරා සංවර්ධනය කෙරෙනවා. මම සිනමාවෙන් සම්පූර්ණයෙන්ම සමුගෙන දේශපාලනයට ආවේ හැදෙන්න නොවෙයි. මේ ඛෙන්තර ඇල්පිටිය ජනතාවගේ දුක නිවන්නයි. මම 2010 මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළා නම් මෙලහකටත් මේ මාර්ග හැදිලා. එදා පිටින් ආ අය මේ ප්‍රදේශයේ ඡන්ද හා මනාප අරගෙන ගියා. දැන් ඒ අය මේ පැත්තටවත් ආවාද? ආයිත් එන්නේ මනාප එකතු කිරිමටයි. සමහරු පැමිණ පොත් හා කවකටු පෙට්ටි ඛෙදයි. මම නිකම් සංවිධායිකාව වී මෙතරම් වැඩ කළා නම් මන්ත්‍රී වුණොත් මොනතරම් දේවල් කළ හැකිද?
ඛෙන්තොට ඉදුරුව රෝහල් දෙකෙන් එකක්වත් අංග සම්පූර්ණ රෝහල් කළ යුතුයි. ඉදුරුවේ තිබූ ගිලන් රථය බලපිටියට ගත් අවස්ථාවේ මම හැ~ූ කදුළෙන් ගිලන් රථයක් ඉල්ලූවා. ගිලන් රථ 20 ක් ඇවිත් තිබුණා. ඒත් මෙහේට දුන්නේ නෑ. මම පොරොන්දු දේශපාලනයට කැමති නෑ. දේශපාලනය කිරීමට ගොස් මට ලැබුණේ අපහාස, උපහාස, තර්ජන විතරයි. මම ඒවායින් තවත් ධෛර්යමත් වුණා.  
මම අවුරුදු 16 න් සිනමාවට ගියා. ඉන් පසු එංගලන්තයට ගොස් විශේෂ උපාධියක් කළා. රූපලාවන්‍ය පාඨමාලා හැදෑරුවා. ව්‍යාපාරික අංශයට එක් වුණා. දැන් ඒ සියල්ලටම ආයුබෝවන් කියා දේශපාලනයට ආවා. මේ ඉන්නේ එදා සිටි නිළි ගීතා නොවෙයි. මං මේ ගමේම ඉපදී හැදී වැඩුණේ. මේ ජනතාවගේ ප්‍රශ්ණ මම හදුනනවා. වසර 20 ක් මන්ත්‍රී කෙනෙක් නොසිටි ඛෙන්තර ඇල්පිටිය තව දුරටත් එසේ තැබුවහොත් මේවා විනාශ වෙයි. දැන් එක එක්කෙනා පිටින් පාත් වෙලා.    







පැන ගිය පෙම්වතිය හිලව්වට බාල වයස් නංගී අඹුකමට අරන්

පැන ගිය පෙම්වතිය හිලව්වට බාල වයස් නංගී අඹුකමට අරන්

විවාහ වීමට සිටි ප්‍රේමවන්තිය වෙනත් අයෙකු සමඟ පැන යාමෙන් පසු බාල වයස්කාර නැගණිය බඳින බවට පොරොන්දු දී එම බාල වයස්කාරිය නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය (දුෂණය) කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවට පමුණුවා සිටි තරුණයෙකු ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මුත්තූර් මහේස්ත්‍රාත් පායත් රසාක් මහතා නියෝග කළේය.
රිමාන්ඩ් කරන ලද්දේ රත්නපුර ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකි. සේරුනුවර තංගනගර් ප්‍රදේශයේ පදිංචි දැරියගේ මව පොලීසියට මෙසේ ප්‍රකාශ කර ඇත. මේ ළමයා අපේ ඥාතියෙක්. ලොකු දුව බඳින්න පොරොන්දු වෙලා හිටියේ. පස්සෙ ලොකු දුව වෙන ළමයෙක් එක්ක පැනලා ගියා. මේ ළමයා කාලයක සිට අපේ ගෙදරමයි හිටියේ. පස්සේ මෙයා අපේ පොඩි දුව සමඟ සම්බන්ධකමක් පැවැත්වූවා. එයාට වයස අවුරුදු 14 යි. අපි කිවුවා දුව වයස සම්පූර්ණ වුණාට පස්සේ විවාහ කරලා දෙන්නම් කියලා. ඒ අස්සේ පසුගිය 28 වැනිදා අපි ගෙදර නැති වෙලාවක දෙන්නා අඹු සැමියන් ලෙස හැසිරිලා තියෙනවා. ඊට පස්සෙත් සම්බන්ධය දිගටම තිබිලා මට අහු වුණා. මේ වන විට දැරිය සේරුනුවර කිලිවෙච්චි රෝහලට ඇතුලත් කර ඇති අතර සේරුනුවර පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වීරරත්න මහතාගේ උපදෙස් පිට වැඩිදුර පරීක්ෂණ පැවැත් වේ.






ලංකාවට වැඩිම සංචාරකයන් රුසියානු කලාපයේ රටවලින්

ලංකාවට වැඩිම සංචාරකයන් රුසියානු කලාපයේ රටවලින්

රුසියාව සහ පැරණි සෝවියට් දේශයට අයත් රටවල්, මේ වන විට ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන රටවල් සමූහය බවට පත්ව ඇති බව ශ්‍රී ලංකා සංචරණය නිකුත් කළ නවතම දත්ත වාර්තාවකින් අනාවරණය වී ඇත.
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මස තුළ මෙම රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාවේ වර්ධනය සියයට 90 කින් ඉහළ ගොස් ඇති බවද මෙම දත්ත හරහා තහවුරු වී ඇත.
මෙම වසරේ ජනවාරියේ පමණක් රුසියානු රටවලින් සංචාරකයන් 18000 කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවද වාර්තා වේ.
ශ්‍රී ලංකා සංචරණය හා රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව දියත් කළ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මෙසේ රුසියානු රටවල සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාමට බලපා ඇති බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ප්‍රකාශ කර සිටී.





Friday, 14 March 2014

මට මාතර ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න අයිතියක් තිඛෙනවා -- අනර්කලී ආකර්ෂා

මට මාතර ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න අයිතියක් තිඛෙනවා
අනර්කලී ආකර්ෂා (එ.ජ.නි.ස.)

රටේ ගෘහණියන් අප ආරක්ෂා කළ යුතුයි. ඒ පිරිස හා තරුණ ප්‍රජාවට යමක් කරන්නයි මම දේශපාලනයට ආවේ. ඒ වෙනුවෙන් අනිවාර්යයෙන්ම කැප වන බව මාතර පැවති ජන හමුවකදී දකුණු පළාත් සභා මාතර දිස්ත්‍රික් එ.ජ.නි. සන්ධාන අපේක්ෂිකා අනර්කලී ආකර්ෂා ජයතිලක මෙනෙවිය පැවසුවාය.
අනර්කලී ආකර්ෂා මෙනෙවිය මෙසේ පැවසුවාය.
—මම උඩින් පාත් වුණා නෙවෙයි. මගේ අම්මයි, තාත්තයි කඹුරුපිටියේ. මටත් මාතර ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න යුතුකමක් හා අයිතියක් තිඛෙනවා. බල්ලෝ බිරුවට හඳ පාත් වෙන්නේ නෑ. මට බැන්නට මම බණින්න යන්නේ නෑ. කාන්තාවන් වෙනුවෙන් මම මාතරට ආවා. මම අනිවාර්යයෙන්ම දිනනවා.˜.
—අපේ ජනාධිපතිවරයා රටට ගොඩක් වැඩ කර තිඛෙනවා. ජනතාව ඒ මහතාට ආදරෙයි. කුමන්ත්‍රණ කෙතරම් කළත් අපි මෙවරත් පළාත් සභාව ඉහළින්ම දිනනවා. ඒක ස්ථිරයි.
අපි ඇවිත් ජනතාව අතරට යන විට සමහරු ඊට අකමැතියි. ඊර්ෂ්‍යා කරනවා. කවුරු මොනවා කීවත් අපට ප්‍රශ්ණයක් නෑ. ජනාධිපතිවරයා බේරා දුන් රට හොඳට හදන විට අපි කවුරුත් එයට උදව් කළ යුතුයි. එහෙත් හුඟක් දෙනෙක් ඒ මහතාගේ කකුලෙන් අඳින්න හදනවා.
මේ ඡන්දයේදී අපි කවුරුත් එකතු වෙලා ජනාධිපතිවරයා ශක්තිමත් කරන්න මාතර ඉහළින්ම දිනවමු˜.

රුපියල් බිලියනයක් ඉතුරු කරපු හොරු අල්ලන ඇඟිළි සලකුණු මෘදුකාංගය අපේ හපනුන්ගේ වැඩක්

ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක කළ අපරාධකරුවන් ක්ෂණිකව හදුනාගැනීමේ නවීන තම ස්වයංක‍්‍රිය ඇගිලි සලකුණු ක‍්‍රමයට සම්බන්ධ පරිගණක මෘදුකාංගය ශ‍්‍රී ලංකාවේ මෘදුකාංග සංවර්ධන ශීල්පීන් ලවා දේශීයව නිර්මාණය කිරීමෙන් රටට රු. කෝටි 100 ක පමණ විදේශ විනිමය ප‍්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකිවු බව ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති මහචාර්ය පී.ඩබ්ලිව්.ඈපාසිංහ මහතා පවසයි.
 
 මේ සදහා මූල්‍ය සහ තාක්ෂණ අනුග‍්‍රහය ලබා දෙන ලද්දේ ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විසිනි. කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයන ආයතනය මෙම නව ක‍්‍රමයට සම්බන්ධ පරිගණක මෘදුකාංගය නිර්මාණය කිරීම සාර්ථකව ඉටු කළේය.
 
 පසුගියදා කුලියාපිටියේ පැවති දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයේදී විදුලි සන්දේශ සහ තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂයන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පද්ධතිය නිල වශයෙන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරිණි.
 
 මෙම ස්වයංක්‍රීය පරිගණක ඇගිලි සලකුණු පද්ධතිය ජාත්‍යන්තර පොලීසියේ ඇගයීමට ලක්ව ඇතැයිද ඒ සදහා වන ඉදිරිපත් කිරීමක් සදහා ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන විශේෂ සැසියකට සහභාගිවන ලෙස ශ්‍රී ලංකාවට මේවන විට ආරාධනා ලැබී තිබෙන බවද ඈපාසිංහ මහතා පවසයි.
 
 දැනට ලෝකයේ දියුණු රටවල භාවිතා කරන්නේ මෙම නව ක‍්‍රමය බවත්, දකුණු ආසියාවේ රටවල් අතරින් මෙම ක‍්‍රමය ක‍්‍රියාත්මක කරන පළමු රට ශ‍්‍රී ලංකාව බවත්, එබදු භාරධුර කාර්යක් සාර්ථකව නිම කිරීමට පුළුවන් වීම ගැන තම ආයතනය සතුටට පත්වන බවත් ඈපාසිංහ මහතා වැඩිදුරටත් සදහන් කරයි.
 
 දේශීය තොරතුරු තාක්‍ෂණ විශේඥයින්ගේ දැනුමෙන් මෙම පරිගණක ඇගිලි සලකුණු පද්ධතිය ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතීන්ට අනුකූලව සකස් කරන ලද බවත් පුර්ණ වශයෙන්ම මෙය දේශිය නිෂ්පාදනයක් නිසා මෙය ක්‍රියාමක කිරීමේදී තොරතුරු සහ දත්ත පිලිබද රහස්‍ය භාවයද සුරක්‍ෂිත වීම සිදුවන බවත් කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයන ආයතනයේ මෘදුකාංග ඒකකයේ ප්‍රධානී හර්ෂ විජේවර්ධන මහතා පවසයි.
 
 ‍මෙම ඇගිලි සලකුණු පද්ධතිය ස්ථාපිත කර දින 12ක් ඇතුලතදී පුද්ගලයින් 4035කගේ ඇගිලි සලකුණු පරික්‍ෂා කර අපරාධකරුවන් 899 දෙනෙකු හදුනා‍ ගැනීමට හැකිවී තිබේ.
 
 මෙම මෘදුකාංගය සකස් කිරීම පිලිබදව ජනාධිපති ලේකම් ලලිත්වීරතුංග ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන් විසින් ශ්‍රීලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විශේෂ පැසසුමට ලක්කර තිබේ.

Source - Lankacnews

මැලේසියානු ගුවන් යානය පිටසක්වළ ගියාද?

මැලේසියානු ගුවන් යානය පිටසක්වළ ගියාද?

හැම දෙයක්ම හොඳින්, සුභ රාත්‍රියක් වේවා

මැලේසියාවේ ක්වාලා ලාම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ගමන් ආරම්භ කළ B 370 ගුවන් යානය මැලේසියානු ගුවන් ගමන් පාලන මැදිරිය හා සන්නිවේදන සබඳතා නැති වී යන්නට පෙර අවසන් වරට නිකුත් කළ පණිවුඩය වූයේ එයයි. බෝයිං 770 වර්ගයට අයත් වසර 11 පැරණි මෙම ගුවන් යානය චීනයේ ඛෙයිජිං නගරයට යාම සඳහා පසුගිය සෙනසුරාදා (5) පාන්දර 12.40 ට ගමන් ආරම්භ කර තිබුණි. එහෙත් යානය ගුවන් ගත වී පැයක් ඉක්ම යන්නට මත්තෙන් මැලේසියාවේ ගුවන් ගමන් පාලන මැදිරිය සමඟ තිබූ සන්නිවේදන සබඳතා ඇණහිටියේය. ඒ වන විට යානය සමඟ සන්නිවේදන සබඳතා දිගින් දිගටම තබා ගැනීම සඳහා සන්නිවේදන මෙහෙයුම වියට්නාම ගුවන් පාලන මැදිරියට ලබා දීමට ඉතිරිව තිබුණේ විනාඩි කිහිපයකි. යානය ආ ගිය අතක් නැති වූයේ මේ කෙටි කාලය තුළය.
මගීන් 239 දෙනෙකු රැගත්  B 370 යානය අතුරුදන් වී මේ වන විට දින හතක් ඉක්ම ගොස් ඇතද ඒ පිළිබඳව කිසිම හෝඩුවාවක් නොලැබීම කුතුහලයට ලක් වන කරුණක් වී තිබේ. මේ අතර විටින් විට යානය ගැන විවිධ මත හා ප්‍රකාශ නිකුත් විය. මැලේසියාව, වියට්නාමය, සිංගප්පූරුව, තායිලන්තය ඇතුළු රටවල් දහයක් අතුරුදන් වූ යානය සෙවීමේ පරීක්ෂණ කටයුතු මුහුදින් හා ගුවනින් ක්‍රියාත්මක කර තිබේ. මුලින් සඳහන් වූයේ වියට්නාමය හා මැලේසියාව අතර මුහුදේ තිබූ තෙල් පැල්ලම් දෙකක් පරීක්ෂණ කණ්ඩායම්වලට නිරීක්ෂණය වූ බවය. එම තෙල් පැල්ලම් අතුරුදන් වූ යානයේ බවට සැක කළද මෙතෙක් තහවුරු කර ගැනීමට හැකි වී නැත.
මේ අතර නිවේදනයකින් කියැවුණේ අතුරුදන් වූ B 370 යානය මලක්කා සමුද්‍ර සන්ධියට ඉහළින් ගමන් කරන ආකාරය මැලේසියානු ගුවන් හමුදා රේඩාර් පද්ධතියට හසුව ඇති බවය. එහෙත් බදාදා නිවේදනයක් නිකුත් කළ එරට ගුවන් හමුදා ප්‍රධානී රොඩ්සාලි එවැනි ප්‍රකාශයන් තමන් විසින් සිදු නොකරන ලද බව ප්‍රකාශ කිරීමත් සමඟ යානය සෙවීමේ කටයුතු තවත් බරපතළ තත්ත්වයකට පත් විය. කෙසේ වුවද අතුරුදන්වීමට පෙර B  370 යානය ආපසු ගමන් කරන්නට ඉඩ ඇති බවට රේඩාර් සංඥා මගින් හදුනාගත හැකි යැයි ගුවන් හමුදා ප්‍රධානියා පවසා තිබේ. යානය මලක්කා සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරන්නට නම් මාලෙයි අර්ධද්වීප දෙසින් යළි ගමන් කළ යුතුය. එහෙත් එවැනි සළකුණක් මෙතෙක් අනාවරණය වී නොතිබීම එම ප්‍රකාශයේ සත්‍යාසත්‍යතාවය පිළිබඳව සැකයක් මතු කරයි.
තවත් පුවතකින් කියැවුණේ B 370 ගුවන් යානයේ සහායක නියමුවා සල්ලාලයකු බැවින් ගුවන් ගමන් පිළිබඳව ඔහුට ඇති වගකීම හරි හැටි ඉටු නොවන බවය. සී.එන්.එන්. පුවත් සේවයට ප්‍රකාශයක් කළ ඕස්ටේ්‍රලියාවේ ජීවත් වන ජොන්ටි රූස් නමැති තරුණිය සහායක නියමු ෆාරින් අබ්දුල් හමීඩ් මෙහෙය වූ ගුවන් යානයක තමන් ගමන් කළ බවත් ඔහු වගකීමක් නැති නියමුවකු බවත් පවසා සිටියාය. එම ගුවන් ගමනේදී තමා හා මිතුරියක ෆාරින් අබ්දුල් සමඟ නියමු කුටියේ සිට දුම්පානය කරමින් විනෝද වූ බවද ඇය පවසා සිටියාය. තායිලන්තය දක්වා ගමන් කළ එම ගුවන් කාලය අවසන් වන තුරුම එම තරුණිය සිට ඇත්තේ නියමු කුටිය තුළය. එසේම ගුවන් කුටියක් තුළ සිදු නොවිය යුතු දේ පවා එහි සිදු වූ බවට ඇය චෝදනා කර ඇත.
—ෆාරින් අබ්දුල් හමීඩ් අතුරුදන් වූ ගුවන් යානය මෙහෙය වූ බව ඇසීමෙන් මම පුදුමයට පත් වුණා.˜
ඇය කියා සිටියාය.
මේ සියළු කතන්දර අතරේ අතුරුදන් වූ යානය සෙවීමේ කටයුතු පුළුල් මට්ටමින් සිදු වේ. මෙම පරීක්ෂණවලින් මුල දී සොයා ගැනුුණු ආකාරයට සොරකම් කරන ලද ගුවන් බලපත්‍ර දෙකකින් B 370 යානයේ ගමන් ගත් තරුණයන් දෙදෙනා ත්‍රස්තවාදීන් නොවන බව මේ වන විට තහවුරුව තිබේ.
මොහමඩ් රේසා ඩිලාවර් සහ පෝරියා නොර් මොහමඩ් නම් මෙම තරුණයන් දෙදෙනා ඉරාන ජාතිකයන් වන අතර අලූත් ජීවිතයක් සොයා බටහිර රටකට පැණ ගැනීමට උත්සාහ කළ දෙදෙනෙක් ලෙස හදුනාගෙන ඇත.
B 370 යානයේ අතුරුදන්වීම ත්‍රස්ත ක්‍රියාවක් නොවන්නේ නම් යානයට සිදු වූයේ කුමක්ද? ගුවන් යානා විශේෂඥයන් සඳහන් කරන ආකාරයට ගුවන් යානයක් අතුරුදන් විය හැකි ආකාර කිහිපයක්ම තිබේ. ඉන් පළමු වැන්න යානය ගුවනේදී පුපුරා යාමකට ලක් වීමය. එසේ වූවා නම් යානයේ කැබලි මැලේසියාවේ වනගත ප්‍රදේශයක වැටෙන්නට ඉඩ තිබේ. දෙවැන්න නම් යානයේ සන්නිවේදන පද්ධතියේ විදුලි බලය අක්‍රිය වීමය. එසේත් නැතිනම් ඉලෙක්ට්‍රොනික උපාංගවල ගැටලූවක් මතු වීමය. එහෙත් ඵ්‍ය 370 යානයේ ඒ පිළිබඳ විශේෂඥ දැනුම ඇති පුද්ගලයන් 20 දෙනෙකු සිටියේය. රේඩාර් සංඥා මගින් යානය යළි හරවන ආකාරයන් පෙන්නුම් කරන බැවින් එය පැහැර ගැනීමකට ලක් වූ බව සිතිය හැකිය. එසේත් නැත්නම් ගුවන් නියමුවන්ගේ දුර්වලතාවයක් වුවද යානයක් අතුරුදන් වීමට හේතුවන බව විශේෂඥ මතයයි.
B 370 යානය අතුරුදන් වීමට මේ කුමන හේතුවක් බලපෑවේ ද යන්න පැහැදිලි නැත. වයඹ දිග මැලේසියාවේ ජීවත් වන ව්‍යාපාරිකයකු සහ ධීවරයකු සඳහන් කර ඇත්තේ තායිලන්ත දේශ සීමාව ආසන්නයේ අහසේ යානය අතුරුදන් වූ දිනයේ දීප්තිමත් විශාල ආලෝකයක් දැක ගන්නට ලැබුණු බවය. එසේම ඵ්‍ය 370 යානයේ අතුරුදන් වීම පිළිබඳව පළ වූ තවත් වාර්තාවක කියැවුණේ යානයේ ගමන් ගත් මගීන්ගේ දුරකථන තවම ක්‍රියාත්මක බවය. සැබැවින්ම එම දුරකථන ක්‍රියාත්මක නම් ඔවුන් සිටිය යුත්තේ ගොඩබිමක ජංගම දුරකථන සංඥා කුළුණු ආසන්නයේ විය යුතුය. එසේම දුරකථනයේ බැටරිය ආරෝපණය කර නැති අවස්ථාවලදී වුවද දුරකථනය නාද වන හ~ක් ආසන්නයට ලැඛෙන බව විශේෂඥයෝ පවසති.
යානයේ අතුරුදන් වීම ගැන තවත් පිරිසකගේ මතය වූයේ එය වියට්නාම ප්‍රහාරක ජෙට් යානා මගින් වෙනත් රහස් ස්ථානයකට ගොඩබස්වා ඇති බවය. එවැන්නක් සිදු විය හැකිද? සාමාන්‍යයෙන් බෝයිං 777 යානයත් අඩි 24 ක් දිගය. එහි පියාපත් පමණක් අඩි 200 ක් දුරට විහිදේ. අවම වශයෙන් මෙවැනි යානයක් ගොඩ බැස්ස වීමට මීටර් 2000 ක ගුවන් පථයක් අවශ්‍යය. එසේ නම් මිනිසුන්ගේ නෙත නොගැටී රහසිගත ස්ථානයක B 370 යානය ගොඩ බැස්ස වීම පිළිගත හැකි මතයක් නොවේ.
යානයේ —කළු පෙට්ටිය˜ මගින් එය ඇති ස්ථානය සොයාගත නොහැකි ඇයි? මේ පැනයට ලබා දිය හැකි සරලම පිළිතුර —කළු පෙට්ටිය˜ යනු ගුවන් යානයක ආරක්ෂිත උපකරණයක් නොවන බව යන්නය. කළු පෙට්ටියෙන් සිදු කෙරෙනුයේ ගුවන් නියමුවන්ගේ සංවාද ඇතුළු ගුවන් යානය පිළිබඳ සියළු දත්ත ගබඩා කර ගැනීමයි. යම් හෙයකින් යානය අනතුරකට ලක් වුව හොත් කළු පෙට්ටියේ අනතුරු ඇඟවීමේ ශබ්දයක් නිකුත් වේ. එහෙත් එය යාර 2000 හෝ 3000 ක් පමණ ප්‍රදේශයට පමණක් සීමා වන හ~කි. ජලය යටදී නම් මේ දුර ප්‍රමාණය තවත් අඩු වේ.
කෙසේ වුවද මැලේසියානු ගුවන් හමුදාව විශ්වාස කරන අන්දමට B 370 යානය ආපසු හරවාගෙන පැමිණියේ නම් එය ගුවන් නියමුවා අතින් සිදු වූ බරපතළ වරදකි. ගුවන් යානයකට ගමන් කරන්නට ලබා දී ඇති දිශාව වෙනස් කිරීමට කිසිදු ගුවන් නියමුවෙකුට නීතියෙන් අවසර නැත. ඒ කටයුතු භාරව සිටින්නේ ගුවන් ගමන් පාලන මැදිරියයි.
B 370 යානයේ අතුරුදන් වීමට මේ කුමන කරුණ බලපෑවද සමාජීය වෙබ් අඩවි හරහා නම් එයට පැහැදිලි හේතුවක් දක්වා තිබුණේය. එනම් ඇමරිකානු චන්ද්‍රිකාවලින්ද සැඟ වී පිටසක්වල ජීවීන් පිරිසක් යානය පැහැරගෙන යන්නට ඇති බවය.

වැස්ස ලබන සතියේ

වැස්ස ලබන සතියේ

දිවයිනේ සියලූම ප්‍රදේශවලට ලබන සතියේ සිට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම වැසි නැගෙනහිර පළාතෙන් ආරම්භ වී දිවයිනේ අනෙක් ප්‍රදේශ කරාද පැතිර යනු ඇතැයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කේ.ඩී. සුජීව මහතා ඊයේ (13) පැවසීය.
ඉදිරි දිනවලදී අන්තර් මෝසම ද සක්‍රීය වීමට නියමිත අතර ඒත් සමඟ රට පුරා වැසි ඇතිවන බවද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥවරයා සඳහන් කළේය.
දිවයින හරහා හමා යන වියළි සුළං ප්‍රවාහ හේතුවෙන් අද (14) දිනයේදී ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක් පවතින අතර නැගෙනහිර වෙරළබඩ තීරයේ පමණක් වැසි ස්වල්පයක් ඇති වනු ඇතැයි හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

20-20 සහ ලෝක කුසලානට කි්‍රකට් ක්‍රීඩකයන්ට ගෙවන හැටි විධායක කමිටුව හෙළි කරයි

20-20 සහ ලෝක කුසලානට කි්‍රකට් ක්‍රීඩකයන්ට ගෙවන හැටි විධායක කමිටුව හෙළි කරයි

20-20 ලෝක කුසලාන කි්‍රකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කි්‍රකට් ක්‍රීඩකයන්ගේ දීමනා වැඩි කළයුතු ආකාරය ඊයේ (13දා) රැස්වූ ශ්‍රී ලංකා කි්‍රකට් විධායක කමිටුව තීරණය කර තිබේ.
නව ක්‍රීඩක ගිවිසුම් සකස් කිරීමේදී ජාත්‍යන්තර කි්‍රකට් කවුන්සලය මගින් පවත්වන තරග වලට 20%ක දීමනාවක් අවශ්‍ය බව ක්‍රීඩකයන් පැවසීම නිසා මෙම අර්බුදය මතුවිය.
මෙහිදී 20-20 තරගාවලියට සහභාගී වීම වෙනුවෙන් ඩොලර් 5,00,000ක මුදලක්ද,අවසන් තරගයට පිවිසියහොත් ඩොලර් 2,50,000ක අමතර දීමනාවක්ද,කුසලානය ජයග්‍රහණය කළහොත් ඩොලර් 2,50,000ක අමතර දීමනාවක්ද කී්‍රඩකයන්ට ලබාදීමට විධායක කමිටුව තීරණය කර තිබේ.
මේ අතර ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන කි්‍රකට් තරගාවලියේදී සහභාගී වීම වෙනුවෙන් ඩොලර් 7,50,000ක මුදලක්ද,අවසන් පූර්ව වටයට පිවිසීම වෙනුවෙන් ඩොලර් 2,50,000ක අමතර දීමනාවක්ද,අවසන් තරගයට පිවිසීම වෙනුවෙන් ඩොලර් 2,50,000ක අමතර දීමනාවක්ද,ලෝක කුසලානය ජයග්‍රහණය කළොත් ඩොලර් 7,50,000ක අමතර දීමනාවක්ද කී්‍රඩකයන්ට ගෙවීමට විධායක කමිටුව තීරණය කර තිබේ.
මේ අතර කාන්තා 20-20 ලෝක කුසලාන වෙනුවෙන් සහභාගී වීමේ මුදල වශයෙන් ඩොලර් 50,000ක මුදලක්ද,අවසන් තරගයට පිවිසියහොත් ඩොලර් 25,000ක අමතර දීමනාවක්ද,කුසලාන ජයග්‍රහණය කළොත් ඩොලර් 25,000ක අමතර දීමනාවක්ද ක්‍රීඩිකාවන්ට ගෙවීමට විධායක කමිටුව තීරණය කර තිබේ.
මේ පිළිබද කි්‍රකට් ක්‍රීඩකයන් දක්වන ප්‍රතිචාරය අද (14දා) ශ්‍රී ලංකා කි්‍රකට් ආයතනයට දැන්වීමට නියමිතව තිබේ.

කිළුටු නෝට්ටු වෙනුවට අලූතෙන් මුදල් ලබා දෙයි



කිළුටු නෝට්ටු වෙනුවට අලූතෙන් මුදල් ලබා දෙයි


අපිරිසිදු මුදල් නෝට්ටු ඉවත් කර ඒ වෙනුවට නව මුදල් නෝට්ටු ලබා දීමේ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආරම්භ කර තිබේ.
ඒ යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ දකුණු පළාත් කාර්යාලයේ අධීක්ෂණය යටතේ අපිරිසිදු මුදල් නෝට්ටු වෙනුවට අලූක් මුදල් නෝට්ටු ලබාදීමේ වැඩසටහනක් කි්‍රයාත්මක කෙරේ.ඒ අනුව ගනුදෙනුකරුවන් ළ`ග තිඛෙන අපිරිසිදු හා පළුදු වූ මුදල් නෝට්ටු ලබා දීමේ වැඩසටහනක් ලබන 17 වැනිදා සිට 21 වැනිදා දක්වා මාතර දිස්ති්‍රක්කයේ සියලූම බැංකු ශාඛාවන්හිදී පැවැත්වේ.
ගනුදෙනුකරුවන්ගේ පහසුව සදහා මේ වෙනුවෙන් වෙනමම මුදල් හුවමාරු කවුළුවක් මෙම කාලය තුළ සියලූම බැංකු ශාඛා වල පිහිටුවීමට කටයුතු කර ඇති අතර ඒ මගින් මුදල් හුවමාරු කරගත හැකිය.

Thursday, 13 March 2014

විදේශිකයෝ දෙදෙනෙක් අලූගෝසුකම ඉල්ලති

විදේශිකයෝ දෙදෙනෙක් අලූගෝසුකම ඉල්ලති

ඉතිහාසයේ ප්‍රථම වතාවට අළුගෝසු තනතුර සඳහා විදේශිකයින් දෙදෙනෙකු කැමැත්ත ප්‍රකාශ කර ඇත.
ඕස්ටේ්‍රලියානු ජාතික දෙදෙනෙකු විසින් මේ පිළිබඳව ඊමේල් පණිවුඩ මගින් ඊයේ (12) බන්ධනාගාර මූලස්ථානයට දැනුම් දී තිබේ.
ඇඩම් ලිල් හා බරි ඩැනියල් ඒ දෙදෙනා වෙති. එම ඕස්ටේ්‍රලියානු ජාතිකයන් දෙදෙනා සිය සුදුසුකම් ලෙස දැනට කරන රැකියාවද සඳහන් කර ඇතැයි මූලස්ථාන ප්‍රකාශකයෙක් පැවසීය. අවශ්‍ය පොලිස් නිෂ්කාශන සහතික තමන්ට ලබා ගත හැකි බවත් එම රැකියාවට කැමැත්තෙන් සිටින බවත් ඔවුන් දැනුම් දී ඇතැයි ද එම ප්‍රකාශකයා කීය.
මෙයින් එක් පුද්ගලයෙකු පරිගණක තාක්ෂණ ශිල්පියෙකු ලෙස කටයුතු කරයි.

කොරියානුවෝ අලි ඉල්ලා සත්තු වත්තේ යකා නටති

දිනුදා ඇතුළු අලිපැටවුන් දෙදෙනා කොරියාවට යැවීම ජනපති නියමයෙන් නවතී
කොරියානුවෝ අලි ඉල්ලා සත්තු වත්තේ යකා නටති
අලින් වෙනුවෙන් විශාල මුදලක් වියදම් කළ බව කොරියානුවෝ කියති
දිනූදාගේ වයස ඇමති දන්නේ නැතිලූ

මානුෂීය මෙහෙයුම් අවසන් සටන සිදුවූ දින (2009 මැයි 18දා)උපත ලද දිනූදාඅලි පැටවා ඇතුළු අලි පැටවුන් දෙදෙනෙකු දකුණු කොරියාවට යැවීමට සූදානම් කර ඇති බවට මාධ්‍ය මගින් කරුණු හෙළි කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා වහාම එම කටයුත්ත අත්හිටුවීමට ඊයේ (12දා) පියවර ගත්තේය.
මෙම අලින් දෙදෙනා කොරියාවට යැවීම අත්හිටුවීමේ පුවත් සැලවීමෙන් පසු මෙම අලි ලබා ගැනීම සදහා සම්බන්ධ වූ කොරියානු ජාතිකයන් ඊයේ සත්වෝද්‍යානයට පැමිණ අලි ඉල්ලා යකා නැටූබවද වාර්තා වේ.
දකුණු කොරියාවට යැවීමට සූදානම් කර තිබූ දිනූදා සහ උදාර අලි පැටවුන් දෙදෙනා වයස අවුරුදු 05 ට වඩා අඩු වූවන් බවට හෙළි වී ඇති අතර,මෙම අලි පැටවුන් කොරියාවට යැවීමට තීන්දු වී ඇත්තේ 2009 වසරේ දී ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවද උල්ලංඝණය කරමින් වීම විශේෂත්වයකි.
දිනූදා අලි පැටවාගේ වයස අවුරුදු 4 මාස 10ක් වන අතර,උදාර පැටවාගේ වයස අවුරුදු 4 මාස 9ක් පමණ වේ.
මෙම අලි පැටවුන් දෙදෙනා දකුණු කොරියාවට යැවීම රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනුවක් නොවන බවද වාර්තා වේ.දකුණු කොරියාවේ එවර්ලෑන්ඩ් ග්‍රීන් පාර්ක් නැමති පෞද්ගලික සත්වෝද්‍යානයට මෙම පැටවුන් දෙදෙනා ප්‍රදානයක් ලෙස ලබා දීමට බලධාරීන් මුලින් සැලසුම් සකස් කර තිබූ බවද වාර්තා වෙයි.
අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායමක් පසුගියදා දකුණු කොරියාවේ සංචාරයක ද නිරත වූ අතර,එහිදී මෙම සතුන්වත්තට අදාළ නිලධාරීන් හමු වී තිබේ.අලි පැටවුන් දෙදෙනා කොරියාවට යැවීම සදහා සත්වෝද්‍යාන බලධාරීන් කටයුතු කර ඇත්තේ අමාත්‍යවරයාගේ නිගමනයෙන් බවද වාර්තා වේ.
අමාත්‍යවරයා පැටවුන් කොරියාවට යැවීම පිළිබදව දිගින් දිගටම මැදිහත් වීම් කළ නිසා ජාතික සත්තු වත්ත විසින් මෙම පැටවුන් දෙදෙනා සූදානම් කර තිබේ.අලි පැටවකු රටින් පිට කිරීමේදී ජනාධිපතිවරයා දැනුවත් කළයුතු බවට සම්ප්‍රදායක් පැවතියද,මෙම පැටවුන් කොරියාවට යැවීම පිළිබදව මාධ්‍ය මගින් හෙළි කරන තෙක් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට බලධාරීන් පියවර ගෙන නොතිබිණි.

අධිවේගයේ බස් ගාස්තු අඩු වේ

අධිවේගයේ බස් ගාස්තු අඩු වේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම සිට ගාල්ල දක්වා අයකළ රුපියල් 500ක ගාස්තුව වහාම කි්‍රයාත්මක වන පරිදි රුපියල් 420ක් දක්වා අඩුකිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර ඇත.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ නියෝග මත මෙම ගාස්තුව පහත දැමූ බවත් ඒ අනුව ඊයේ (13) සිටම මෙම ගාස්තු කි්‍රයාත්මක කළ බවත් ශ්‍රී ලංගම නියෝජ්‍ය සභාපති සහ හයිවේ එක්ස්ප්‍රස් සමාගමේ සභාපති එල්.ඒ විමලරත්න මහතා පැවසීය.
මේ අනුව කඩුවෙල සිට ගාල්ල දක්වා ද රුපියල් 420ක් අයකරන බවත් අධිවේගී මග මාතර දක්වා විවෘත කිරීමෙන් පසු මහරගම සිට කඩුවෙල සිට මාතර දක්වාම අයකරනු ලබන්නේ රුපියල් 500ක් බවත් විමලරත්න මහතා පැවසීය.
ශ්‍රී ලංගම විසින් මෙසේ ගාස්තු පහත දැමීමත් සමග ජාතික ගමනා ගමන කොමිසමේ නිර්දේශ මත අධිවේගී මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථවල ගාස්තුවද රුපියල් 420ක් දක්වා පහත දැමීමට නියමිතය.

Wednesday, 12 March 2014

පාතාලයාගේ මරණය අසා රත්නපුර මැණික් වෙළෙන්දෝ රතිඤ්ඤා පත්තු කරති

පාතාලයාගේ මරණය අසා රත්නපුර මැණික් වෙළෙන්දෝ රතිඤ්ඤා පත්තු කරති

රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයකු ඝාතනය කිරීම සම්බන්ධව අත් අඩංගුවට ගෙන සිටිය දී පොලිස් වෙඩි පහරකින් පාලංකඩ හීන් මල්ලි හෙවත් සුගත් චමින්ද මරණයට පත් වූ බව ආරංචි වීමෙන් රත්නපුර මැණික් කොටුවේ මැණික් වෙළෙන්දෝ රතිඤ්ඤා පත්තු කළහ.
මීට සති තුනකට පෙර දී සිදු වූ රත්නපුර මලංගම මැණික් ව්‍යාපාරිකයාගේ ඝාතනයෙන් රත්නපුර ප්‍රදේශයේ මැණික් වෙළෙන්දෝ කැළඹීමට පත්ව සිටියහ.
එම ඝාතනය ගැන පරීඬණ පැවැත් වූ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මිය ගිය සැකකරු හා තවත් පුද්ගලයෙක් හික්කඩුවේදී පෙරේදා (10) අත් අඩංගුවට ගනු ලැබූහ.
මැණික් ව්‍යාපාරිකයාගේ ඝාතනයට යොදා ගත් ආයුධ සඟවා ඇති ස්ථානය පෙන්වීමට ගිය අවස්ථාවේදී සැකකරු අත් බෝම්බයක් ගෙන පොලීසියට පහර දීමට තැත් කරද්දී ඔහුට වෙඩි තැබූ බව පොලීසිය කියයි.

දුරකථනයෙන් ආදරය අයැද ඇවටිලි කළ පුද්ගලයෙක්

දුරකථනයෙන් ආදරය අයැද ඇවටිලි කළ පුද්ගලයෙක් කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ

ආදරය ඉල්ලා විවාහක කාන්තාවකට දුරකථනයෙන් නිතර ඇවිටිලි කළැයි කියන පුද්ගලයෙකු කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන කොම්පඤ්ඤවිදිය පොලීසිය කොටුව මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේය.
කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සම්බන්ධීකරණ නිලධාරිනියක් වශයෙන් සේවය කරන විවාහක කාන්තාවක් පොලීසියට කළ පැමිණිල්ලක් අනුව මෙම නඩුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ කැ`දවීය.
සිය පැමිණිල්ලේ පැමිණිලිකාර කාන්තාව පවසා ඇත්තේ තමාගේ ජංගම දුරකථනයට කිසියම් පුද්ගලයෙකු විසින් නිතර නිතර කතා කරමින් සහ කෙටි පණිවුඩ එවමින් (ීඵී) තමාගෙන් ආදරය අයැද සිටි බවයි.
තමා විවාහක කාන්තාවක් යැයි ඔහුට පවසා සිටි පසුත් ඒ අන්දමට තමාට හිරිහැර වන අන්දමින් දුරකථන ඇමතුම් සහ කෙටි පණ්වුඩ එවූ බව පැමිණිලිකාරිය පොලීසියට පවසා ඇත.
මෙම දුරකථන ඇමතුම් හා කෙටි පණිවුඩ හේතුවෙන් තමාට මහත් ලැජ්ජාවක් ඇති  වූ බවත්,එය තමාට කරදරයක් බවත් පැමිණිලිකාරිය පවසා ඇත.
ඒ අනුව සැකකාරිය භාවිත කළැයි කියන දුරකථන අංකය සම්බන්ධයෙන් විස්තර වාර්තාවක් ලබාදෙන ලෙසට මහේස්ත්‍රාත්වරයා දුරකථන සේවා සපයන සමාගමට නියෝගයක් නිකුත් කළේය.

දක්ෂිණ අධිවේගයේ බස් ගාස්තුව රු.350ට අඩු කළ යුතුයි

දක්ෂිණ අධිවේගයේ බස් ගාස්තුව රු.350ට අඩු කළ යුතුයි
ගැමුණු විජේරත්න

දක්ෂිණ අධිවේගයේ මාර්ගයේ මගීන්ගෙන් අය කරන බස් ගාස්තුව නීති විරෝධී බවත් එය සාමාන්‍ය බස් ගාස්තුව මෙන් දෙගුණයක් විය යුතු බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඊයේ (11) පැවසීය.නාරාහේන්පිට කාන්තා පර්යේෂණ කේන්ද්‍රයේදී එම සංගමය විසින් ඊයේ (11) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම එසේ පැවසීය.
දැනට මහරගම සිට ගාල්ල දක්වා මගියෙකුගෙන් අය කරන රුපියල් 500ක ගාස්තුව රුපියල් 350 දක්වා අඩුවිය යුතු බවත් විජේරත්න මහතා පැවසීය.
කඩුවෙල සිට ගාල්ලට ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ අය කරන රුපියල් 450ක ගාස්තුවද රුපියල් 375ක් දක්වා අඩුවිය යුතු බව හෙතෙම පෙන්වා දේ.
අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය කරන පෞද්ගලික බස් හිමියන් ලෙස අපට නොහැකි වී තිඛෙනවා.මොකද ජනාධිපතිතුමා zහයිවේ එක්ස්ප්‍රස් කියලා වෙනම සමාගමක් මහාමාර්ග අමාත්‍යංශය යටතේ ආරම්භ කර තිඛෙනවා.එම සමාගම මගින් අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය ඉදිරියේදී ආරම්භ කරනවා.අපි ඊට විරුද්ධ නැහැ.නැතිනම් සිද්ධ වෙන්නේ ජාතික ගමනා ගමන කොමිසම අතයට ගනුදෙනු වලට අධිවේගී මාර්ගයට බස්රථ අනුයුක්ත කිරීමයි.දක්ෂිණ අධිවේගී මාර්ගයටත් ජාතික ගමනාගමන කොමිසම හොර මාර්ග බලපත්‍ර ලබාදුන්නා.ඒ පිළිබදව පරීක්ෂණයක් මේ වනවිට අල්ලස් හෝ දුෂණ කොමිසමේ පැවැත්වෙනවා.ජනාධිපතිතුමා zහයිවේ එක්ස්ප්‍රස් Zසමාගමක් ආරම්භ කළේ ජාතික ගමනාගමන කොමිසමේ මෙම දුෂිත තත්ත්වයන් නිසා බවද ගැමුණු විජේරත්න මහතා පැවසීය.

Monday, 10 March 2014

එතෙර රැකියාවට යන කතුන් ගණන අඩුවෙයි : පිරිමි වැඩිවෙයි

එතෙර රැකියාවට යන කතුන් ගණන අඩුවෙයි : පිරිමි වැඩිවෙයි

විදේශ රැකියා සඳහා ඉකුත් වසරේ දී පිටත්ව ගිය සංඛ්‍යාවෙන් වැඩි පිරිසක් පිරිමි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ඒ අනුව ඉකුත් වසරේ දී මෙරට පිරිමින් එක්ලක්ෂ හැත්තෑපන් දහස් හතළිස් හත් දෙනෙකු විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇතැයි එම කාර්යාංශය පවසයි.
ගිය වසරේ දී විදේශ ගත වූ ලාංකික කතුන් සංඛ්‍යාව එක්ලක්ෂ දහ අට දහස් පනස් අටකි.
මේ අනුව පෙර වසරවල් හා සාපේක්ෂව කාන්තා ශ්‍රමිකයින් විදේශගත වීමේ අඩුවක් ඉකුත් වසරේදී පෙන්නුම් කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියා සිටී.
මෙරට කාන්තාවන් රට රැකියා සඳහා විදේශගත වීමේ දී පවුල් පසුබිම් වාර්තා අනිවාර්ය කිරිමද මෙම අඩු වීමට බලපා ඇතැයි එම කාර්යාංශය පෙන්වා දේ.

උදාරිට ලැබුණු ගෞරව නාමය මොකක්ද?

උදාරිට ලැබුණු ගෞරව නාමය මොකක්ද?

ජනපි්‍රය නිළි උදාරි වර්ණකුසූරියට ගෞරව නාමයක් හිමි වෙලා.ඒ ජනී ජන ප්‍රසාදිනී රංග කලා ලංකේෂ්වර දේශකීර්ති මානව හිතවාදී සමාජ සුබ සාධන දිරිය වීර්ය කාන්තා යන නමින්.පසුගිය පෙබරවාරි 26 වැනිදා ගල්ගමුව පාලූකඩවල ශ්‍රී වාර්ගිකාරාම පුරාණ විහාරයේදී අමරුපර නිකායේ මහා නායක අම්බලන්ගොඩ ශ්‍රී සුමංගල හිමියන්ගේ සුරතිනුයි උදාරිට මෙම ගෞරව නාමය පිරිනැමිලා තියෙන්නේ.
හැටිහැටියේම දිරිය කාන්තාවක් විදිහට උපහාර ලබන්න තරම් හේතුවුණු කාරණය මොකක්ද කියලා ඇහුවම උදාරි අපට දුන්නේ මෙවැනි පිළිතුරක්.
මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය නොවුණට මම  ගොඩක් සමාජ සේවා කටයුතු වල යෙදෙනවා.කලක් තිස්සේ මම පිළිකා රෝහලට මාස්පතා ආධාර කරනවා.ඒ එහි සිටින රෝගීන්ගේ ආහාරපාන වෙනුවෙන්.ඒ නිසා වෙන්න ඇති මට මෙම ගෞරව නාමය හිමි වන්නට ඇත්තේ .

අන්තර්ජාල භාවිතය අධීක්ෂණයට රජයෙන් විශේෂ නියාමන කමිටුවක්

අන්තර්ජාල භාවිතය අධීක්ෂණයට රජයෙන් විශේෂ නියාමන කමිටුවක්

අන්තර්ජාල භාවිතය පිළිබදව අධීක්ෂණය සදහා රජය විශේෂ නියාමන කමිටුවක් පත්කර ඇත.
අන්තර්ජාල භාවිතය සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම සදහා අන්තර්ජාලය ආශි්‍රතව සිදු කෙරෙන අපරාධ හා නීති විරෝධී කටයුතු සම්බන්ධව කි්‍රයාත්මක වීමට මෙම කමිටුවට උපදෙස් ලබාදී ඇති බව විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා zලක්බිමZට පැවසීය.
තම අමාත්‍යංශයට අමතරව විදුලි සංදේශ නියාමන කොමිසම,අධ්‍යාපන අමාත්‍යංශය,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව,ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය,සංස්කෘතික අමාත්‍යංශය ආදී ආයතන රැසක් මෙම කමිටුවට සම්බන්ධව ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
අන්තර්ජාලය සම්බන්ධව පැන නගින ගැටලූ සදහා විස`දුම් ලබාදීම සදහා පැය 24 පුරා කි්‍රයාත්මක උපදේශන සේවයක්ද මෙම කමිටුව යටතේ කි්‍රයාත්මක වේ.

ගම් අටක නායක දළුකානේ ආදි වාසී නායකට අසාධ්‍යයි

ගම් අටක නායක දළුකානේ ආදි වාසී නායකට අසාධ්‍යයි
උදව් දෙන්නැයි දියණිය ඉල්ලයි

දිඹුලාගල දළුකාන ආදි වාසී නායක කන්දාගේ අමරසිංහ ඇත්තෝ දැන් දින 10 ක් තිස්සේ රෝගිව අසාධ්‍යව සිටින බව ඔහුගේ දරුවෝ සහ ආදිවාසීහු පවසති.
ආදිවාසී නායක අමරසිංහ ඇත්තෝ ඉකුත් දිනක දළුකාන ගම්මානයේ නිවසක     මායකිනි යක්ෂයන් උදෙසා තොවිලයක්ද පවත්වා ඇත.
ඊට දින තුනකට පසු වැටී තුවාල වී ඇති ඔහු ඉන් පසු දරුවන් විසින් මනම්පිටිය රෝහලට රැගෙන ගොස් තිබේ. අනතුරුව මනම්පිටිය රෝහලෙන් පොළොන්නරුව මහ රෝහලට මාරු කර යැවූ අමරසිංහ ඇත්තෝ දින දෙකක් නේවාසිකව ප්‍රතිකාර ගෙන නිවෙසට පැමිණ ඇත.
මේ වන විට ආදි වාසී නායකයාගේ දකුණු පාදය හා අත අප්‍රාණිකව කතා කිරීමට නොහැකිව එක්තැන් වී සිටින බව පවුලේ ඥාතීහු පවසති.
පොළොන්නරුව ඇතුළු පළාතේ විවිධ උත්සව සඳහා ආදි වාසී ප්‍රජාව නියෝජනය කරන දළුකාන ආදි වාසී නායක අමරසිංහ ඇත්තෝ තම ප්‍රජාව වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් කරන නායකයෙකි.
හැට හැවිරිදි හය දරු පියකු වන කන්දාගේ අමරසිංහ ඇත්තන්ගේ බිරිය වූ 54 හැවිරිදි එස්. වල්ලි අම්මා මීට මාස තුනකට ඉහතදී මිය ගියේ පිළිකා රෝගයකිනි.
දළුකාන, කොළකණවාඩිය, මහදමන, යක්තුරේ, කුඩා වැව ඇතුළු ගම්මාන අටකට නායකත්වය සපයන අමරසිංහ ආදි වාසී නායක ඇත්තන් සුවපත් කිරිමට උදව් වන්නැයි දළුකාන වැසියෝ වගකිව යුත්තන්ගෙන් ඉල්ලති.

අන්තර්ජාල ලොතරැයි ඇරඹීමට අවසර

පෞද්ගලික සමාගමක් ප්‍රථම වරට ලොතරැයි වෙළඳ පොළට ප්‍රවිෂ්ඨ වෙයි
අන්තර්ජාල ලොතරැයි ඇරඹීමට අවසර

අන්තර්ජාල ලොතරැයි ව්‍යාපාරයක් ඇරඹීම සඳහා විදේශීය සම්බන්ධතා සහිත ශ්‍රී ලංකාවේ පෞද්ගලික සමාගමකට අවසර දීමට රජය තීරණය කර තිබේ.
අන්තර්ජාල ක්‍රීඩා දහස් ගණනක් (ැ-ඨ්පැි) සඳහා පිවිසුම් සහිත මෙම අන්තර්ජාල ව්‍යාපාරය, ඕෂනික් ගේම්ස් (පෞද්ගලික) සමාගම, හොංකොංහි ැ-ට්පැි ීදකමඑසදබි සමාගම සමඟ එක්ව ආරම්භ කිරීමට නියමිතය.
අදාළ හොංකොං සමාගම ලොතරැයි වෙළඳපොළෙහි ඉදිරියෙන්ම සිටින ආයතනයක් ලෙස හැඳින්වෙයි. මේ අනුව ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය යන රජයේ ලොතරැයි වලට අමතරව ප්‍රථම වරට පෞද්ගලික සමාගමකට ලොතරැයි වෙළඳ පොළට ප්‍රවිෂ්ඨ වීමට අවස්ථාව ලැබී තිබේ. අන්තර්ජාල ක්‍රීඩා යන නාමය යටතේ ඉදිරිපත් වන මෙම අන්තර්ජාල ලොතරැයි සමාගමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර මේ අනුව ලොව ප්‍රකට අන්තර්ජාල ලොතරැයි වන ලොටෝ වැනි අන්තර්ජාල ලොතරැයි සඳහා එක් වීමට ශ්‍රී ලාංකිකයන්ගේ නැඹුරුවක් ඇති වීම නතර කළ නොහැකි වනු ඇත.
ජාතික ලොතරැයි මණ්ඩලය පසු ගිය වසරේ රුපියල් බිලියන 14.6 ක ලාභයක් ලබා ඇති අතර මේ වසරේ ලාභය රුපියල් බිලියන 20 ක් පමණ වනු ඇතැයි ගණන් බලා ඇත. මේ අනුව අන්තර්ජාල ලොතරැයි ව්‍යාපාර පැමිණීම මෙම ලාභය අවම කිරීමට හේතුවක් විය හැකි යැයි නම සඳහන් නොකළ රජයේ ඉහළ නිළධාරියෙකු අනාවරණය කර තිබේ. මෙරට අන්තර්ජාල භාවිතයට පාසල් දරුවන් බොහොමයක් යොමු වී ඇති නිසා මෙවැනි ලොතරැයි ක්‍රමයකට දරුවන් ඇබ්බැහි වීමේ අලූත් අවදානමක්ද මතුව තිඛෙන බව විශේෂඥ මතයයි.

Sunday, 9 March 2014

මරණීය දණ්ඩනය නියම වුණු පොට්ට නවුෆර් ස්කයිප් වලින් ඡන්ද දායකයන්ට කතා කරයි

මරණීය දණ්ඩනය නියම වුණු පොට්ට නවුෆර් ස්කයිප් වලින් ඡන්ද දායකයන්ට කතා කරයි

මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතාගේ ඝාතනයට වැරදිකරු වී මරණීය දණ්ඩනය නියමව සිටින පාතාල නායකයකු වන පොට්ට නවුෆර් ස්කයිප් තාඬණයෙන් පසු ගිය දිනක මැද කොළඹ ඡන්ද දායකයන් අමතා තිබේ.
බස්නාහිර පළාත් සභා මැතිවරණයට තරඟ කරන ප්‍රබල අපේක්ෂකයෙකුට ඡන්දය දෙන ලෙස මෙසේ පොට්ට නවුෆර් මැද කොළඹ මුස්ලිම් ඡන්ද දායකයන්ට දැනුම් දී ඇත. මැද කොළඹ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් මත් කුඩු ජාවාරම මෙහෙය වූ පොට්ට නවුෆර් මේ වන විට බන්ධනාගාරය තුළ සියලූ සැප පහසුකම් විඳිමින් සිටී. මිනීමරුම් ගණනාවක් සම්බන්ධයෙන් පොට්ට නවුෆර්ට චෝදනා එල්ල වී ඇති අතර, නීති විරෝධී ජාවාරම් රැසකට ඔහු සම්බන්ධ බවද පොලීසිය පවසයි.
පසුගිය සතියේ බෝගම්බර බන්ධනාගාරය වසා දැමීම නිමිත්තෙන් පැවති පිරිත් පින්කමකදී ඔහු නිදහසේ එහෙ මෙහෙ යන අයුරු ඡායාරූපවල සටහන්ව තිබූ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරියකුද එය සත්‍යයක් බව ප්‍රකාශ කර තිබිණි.


Friday, 7 March 2014

තේ රබර් පෝර බරපතළ හිඟයක්

තේ රබර් පෝර බරපතළ හිඟයක්

තේ සහ රබර් පොහොරවල බරපතළ හිඟයක් තිඛෙන බවට ඇමතිවරුන් ගණනාවක් කැබිනට් රැස්වීමේදී පැමිණිලි කර ඇත.
පොහොර හිඟය නිසා කුඩා තේ වතු හිමියන් බරපතළ අපහසුතාවකට පත්ව අතැයිද ඇමතිවරයා පෙන්වා දී තිබේ.
සමහර ප්‍රදේශවල වැඩිමිලට ගැනීමට පොහොර තිඛෙන නමුත් ඇතැම් පළාත්වල වැඩිමිලට හෝ ගැනීමට පොහොර නැතැයි ඇමතිවරුන් සඳහන් කර ඇත.
ඒ නිසා ඊට වහාම පිළියමක් යෙදිය යුතුව ඇතැයි ඔවුන් ඉල්ලා තිබේ.
ඩිලාන් පෙරේරා, වාසුදේව නානායක්කාර, දයාශ්‍රිත තිසේරා යන ඇමතිවරුන් පොහොර හිඟය ගැන දීර්ඝ වශයෙන් කරුණු දක්වා ඇත.
ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ පිළිබඳව සොයා බලා අවශ්‍ය පොහොර ලබා දීමට වහාම කටයුතු කරන්නැයි වැවිලි කර්මාන්ත ඇමති මහින්ද සමරසිංහ මහතාට උපදෙස් දී ඇත.

Thursday, 6 March 2014

ව්‍යාජ ෆේස්බුක් ගිණුම් අවහිර කිරීමට පියවර

ව්‍යාජ ෆේස්බුක් ගිණුම් අවහිර කිරීමට පියවර
පැමිණිලි තුන්දහසක්

ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය තුළ ව්‍යාජ ගිණුම් පවත්වා ගෙන යමින් විවිධ පුද්ගලයින් අපහසුතාවට පත් කිරිමේ සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි තුන් දහසක් පමණ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වෙත ලැබී ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසයි.
එම පැමිණිලි විමර්ශණය කර අදාළ ව්‍යාජ ෆේස් බුක් ගිණුම් අවහිර කිරීමට පියවර ගත් බවද රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසීය.
මෙම පැමිණිලි අතරින් වැඩි ප්‍රමාණයක් ලැබී ඇත්තේ පාසල් දරු දැරියන් සහ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයන්ගෙන් බවත් ඔවුන්ගේ ඡායාරූප බාගත කර එම ව්‍යාජ ගිණුම් නිර්මාණය කර ඇති බව ඒ මහතා පැවසීය.
ෆේස් බුක් සඳහා තමන්ගේ පෞද්ගලික තොරතුරු සහ ඡායාරූප යෙදීමේදී සැලකිලිමත් වන ලෙසත් ෆේස් බුක් පාලනාධිකාරිය මගින් හදුන්වා දී ඇති ආරක්ෂණ ක්‍රමවේදයන් පිළිපදින ලෙසත් ෆේස් බුක් ගිණුම් හිමියන්ගෙන් ඉල්ලා සිටින බවද චන්ද්‍රගුප්ත මහතා පැවසීය.

සුපිරි පාසල් සිසුවියෝ 2 ක් වෙරි වී මහ රෑ බස් පොළක

සුපිරි පාසල් සිසුවියෝ 2 ක් වෙරි වී මහ රෑ බස් පොළක

කොටට කොට සායක් හා ටී ෂර්ට් ඇඳගෙන මත් ගතියෙන් මහ රෑ බස් නැවතුමක සිටි ශිෂ්‍යාවන් දෙදෙනෙකු සල්ලාලයන්ගෙන් බේරා ගැනීමට මහරගම පොලීසිය සමත් විය.
මේ දෙදෙනා කොළඹ උසස් පාසල් දෙකක සිසුවියන් බවත් උපන් දින සාදයකට ගොස් ගෙදර යෑමට බස් නැවතුමට පැමිණ ඇති බවත් පොලීසිය කියයි.
බ්‍රහස්පතින්දා මහ රෑ 12.00 ටත් අලූයම 2.00 ටත් අතර ඔවුන් එහි සිටිනු පොලීසියට දක්නට ලැබී ඇත.
සල්ලාලයන් පිරිසක් ඒ අසළ ගැවසෙනු දුටු පොලීසිය ඒ දෙදෙනා පොලීසියට රැගෙන නොගියේ නම් ඔවුන් සමූහ වශයෙන් දුෂණය වීමට ඉඩ තිබූ බවද පොලීසිය කියයි.
බස් නැවතුමේ එම අවස්ථාවේ සල්ලාලයන් හය දෙනෙකු පමණ සිටි බවද පොලීසිය කියයි.
අඩ නිරුවත් ඇදුම් හැඳ පැළඳ සිටි සිසුවියන් දෙදෙනා පොලීසිය භාරයට ගන්නා අවස්ථාවේ මත් ගතියෙන් සිටි බව ඔවුන්ගේ හැසිරීම් රටාව අනුව හෙළි වූ බව පොලීසිය කියයි.
ඔවුන්ගෙන් ප්‍රශ්ණ කිරීමේදී මිතුරියකගේ උපන් දින සාදයකට සහභාගි වීම සඳහා රාත්‍රී 7.30 ට මහරගම හෝටලයකට පැමිණි බව ප්‍රකාශ වී ඇති බව පොලිසිය කියයි.
එක් සිසුවියක් පසු ගිය වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයකු බවත් අනෙක් සිසුවිය ලබන වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත අයකු බවත් පොලීසිය කියයි.

ආවේගශීලී වූ ගුරුවරියක් තවත් ගුරුවරියකට පහර දීලා

ආවේගශීලී වූ ගුරුවරියක් තවත් ගුරුවරියකට පහර දීලා

ගම්පොළ පිහිටි ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක පහ වසර පංතියේ උගන්වමින් සිටි ගුරුවරියකට 4 වසර පංතියේ ගුරුවරිය විසින් ළමයින් ඉදිරියේ ඉතා පහත් වචනයෙන් බැණ වැදී,සෙරෙප්පුවෙන් හා අතින් පයින් පහර දීමේ සිද්ධියක් නිසා එම සිසුන් බියවී හ`ඩමින් එළියට දිව යාමේ සිද්ධියක් වාර්තා වී තිබේ.
කුඩා සිසුන් ඉදිරියේ එම ගුරුවරිය සිදුකළ මෙම පහත් කි්‍රයාව නිසා ඇය සියලූ දෙනාගේ දැඩි අප්‍රසාදයට ලක්ව තිබේ.
ගම්පොළ නගරයේ එකම නමින් තිඛෙන පිරිමි හා කාන්තා විද්‍යාල දෙකෙන් කාන්තා විද්‍යාලයේ මෙම සිදුවීම ඇති වී තිබේ.
වාර්ෂික කලාප අධීක්ෂණය සදහා පසුගියදා (04දා) කලාප අධ්‍යක්ෂකවරයා ඇතුළු කණ්ඩායමක් මෙම පාසල වෙත පැමිණ ඇති අතර,එහිදී අධ්‍යක්ෂකවරයා අධීක්ෂණයෙන් පසු රැස්වීමක් කැ`දවා විශේෂයෙන් සදහන් කර ඇත්තේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඉහළ නංවන ලෙසයි.
මෙහිදී පහ වසර ගුරුවරිය,මෙතෙක් මුහුණදී ඇති ගැටලූව ලෙස 4 ශ්‍රේණියෙන් 5 ශ්‍රේණියට පැමිණෙන ළමයින්ගේ පවතින දුර්වල බව ශිෂ්‍යත්ව ප්‍රතිඵල කෙරෙහි බලපාන බව පෙන්වා දුන්නාය.
මෙම කරුණු පෙන්වා දෙන අවස්ථාවේ 4 වසර පංතිභාර ගුරුවරිය එදින පාසලේ නොපැමිණ තිබූ අතර,පසුව ඇය පැමිණ පසු පෙරදින සිදුවීම ඇයට අනෙකුත් ගුරුවරියන් පවසා තිබුණි.
එම අවස්ථාවේදී 4 වසර පන්තිභාර ගුරුවරිය පහ වසර පංතියට ගොස් පහ වසර ගුරුවරියට පහර දී පරුෂ වචනයෙන් බැණ වැදී ඇත.