24H Best Sinhala News In Sri Lanka

Monday, 17 March 2014

බොරැල්ල OIC ගේ මරණය —චේතාන්විතව කළ ඝාතනයක් ˜

22:14 By Era

බොරැල්ලOIC  ගේ මරණය —චේතාන්විතව කළ ඝාතනයක් ˜
සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ
පොලිස් මූලස්ථානය

රබර් ගසක් කපා බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා මරණයට පත් කිරීම —චේතාන්විතව කළ ඝාතනයක් ˜ බවත්, මේ නිසා ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් දෙකක් විශේෂ මෙහෙයුමක් දියත් කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
හංවැල්ල තුන්නාන ප්‍රදේශයේ කම්හලක් සම්බන්ධ ගැටලූවක් මුල් කර ගනිමින් සිදු කළ උද්ඝෝෂණයේදී උද්ඝෝෂණකරුවන් ගස් කපා දැමීමට අමතරව පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන්ටද ප්‍රහාර එල්ල කරන ලදි. එලෙස ප්‍රහාර එල්ල කළ සියලූම දෙනා අත් අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පමුණුවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.    
පොලිස් නිළධාරීන්ට හා විශේෂ කාර්ය බලකායේ නිළධාරීන්ට එල්ල කළ ප්‍රහාර නිසා නිළධාරීන් 06 දෙනෙකු තුවාල ලැබූ අතර, රථ වාහනයකටද අලාභ හානි සිදු වී තිඛෙන බව පවසා සිටියේය.    
මෙම ඝාතනයට සම්බන්ධ සහ පොලිස් නිළධාරීන්ට පහර දුන් පුද්ගලයන් නීතිය හමුවට ඉදිරිපත් කළ යුතු බවත්, මෙම පිරිස අත් අඩංගුවට ගැනීමට මෙම මෙහෙයුම සිදු කරන බවද පවසා සිටියේය.    
දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව මෙම ක්‍රියාව පිටුපස සංවිධානාත්මක පිරිසක් සිටින බවත්, මේ අනුව සිද්ධියට සම්බන්ධ සියලූම දෙනා ඉදිරි දින දෙක තුන තුළ අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.    

0 comments:

Post a Comment