24H Best Sinhala News In Sri Lanka

Thursday, 6 March 2014

සුපිරි පාසල් සිසුවියෝ 2 ක් වෙරි වී මහ රෑ බස් පොළක

22:02 By Era

සුපිරි පාසල් සිසුවියෝ 2 ක් වෙරි වී මහ රෑ බස් පොළක

කොටට කොට සායක් හා ටී ෂර්ට් ඇඳගෙන මත් ගතියෙන් මහ රෑ බස් නැවතුමක සිටි ශිෂ්‍යාවන් දෙදෙනෙකු සල්ලාලයන්ගෙන් බේරා ගැනීමට මහරගම පොලීසිය සමත් විය.
මේ දෙදෙනා කොළඹ උසස් පාසල් දෙකක සිසුවියන් බවත් උපන් දින සාදයකට ගොස් ගෙදර යෑමට බස් නැවතුමට පැමිණ ඇති බවත් පොලීසිය කියයි.
බ්‍රහස්පතින්දා මහ රෑ 12.00 ටත් අලූයම 2.00 ටත් අතර ඔවුන් එහි සිටිනු පොලීසියට දක්නට ලැබී ඇත.
සල්ලාලයන් පිරිසක් ඒ අසළ ගැවසෙනු දුටු පොලීසිය ඒ දෙදෙනා පොලීසියට රැගෙන නොගියේ නම් ඔවුන් සමූහ වශයෙන් දුෂණය වීමට ඉඩ තිබූ බවද පොලීසිය කියයි.
බස් නැවතුමේ එම අවස්ථාවේ සල්ලාලයන් හය දෙනෙකු පමණ සිටි බවද පොලීසිය කියයි.
අඩ නිරුවත් ඇදුම් හැඳ පැළඳ සිටි සිසුවියන් දෙදෙනා පොලීසිය භාරයට ගන්නා අවස්ථාවේ මත් ගතියෙන් සිටි බව ඔවුන්ගේ හැසිරීම් රටාව අනුව හෙළි වූ බව පොලීසිය කියයි.
ඔවුන්ගෙන් ප්‍රශ්ණ කිරීමේදී මිතුරියකගේ උපන් දින සාදයකට සහභාගි වීම සඳහා රාත්‍රී 7.30 ට මහරගම හෝටලයකට පැමිණි බව ප්‍රකාශ වී ඇති බව පොලිසිය කියයි.
එක් සිසුවියක් පසු ගිය වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයකු බවත් අනෙක් සිසුවිය ලබන වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත අයකු බවත් පොලීසිය කියයි.

0 comments:

Post a Comment