ආවේගශීලී වූ ගුරුවරියක් තවත් ගුරුවරියකට පහර දීලා
ගම්පොළ පිහිටි ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක පහ වසර පංතියේ උගන්වමින් සිටි ගුරුවරියකට 4 වසර පංතියේ ගුරුවරිය විසින් ළමයින් ඉදිරියේ ඉතා පහත් වචනයෙන් බැණ වැදී,සෙරෙප්පුවෙන් හා අතින් පයින් පහර දීමේ සිද්ධියක් නිසා එම සිසුන් බියවී හ`ඩමින් එළියට දිව යාමේ සිද්ධියක් වාර්තා වී තිබේ.
කුඩා සිසුන් ඉදිරියේ එම ගුරුවරිය සිදුකළ මෙම පහත් කි්‍රයාව නිසා ඇය සියලූ දෙනාගේ දැඩි අප්‍රසාදයට ලක්ව තිබේ.
ගම්පොළ නගරයේ එකම නමින් තිඛෙන පිරිමි හා කාන්තා විද්‍යාල දෙකෙන් කාන්තා විද්‍යාලයේ මෙම සිදුවීම ඇති වී තිබේ.
වාර්ෂික කලාප අධීක්ෂණය සදහා පසුගියදා (04දා) කලාප අධ්‍යක්ෂකවරයා ඇතුළු කණ්ඩායමක් මෙම පාසල වෙත පැමිණ ඇති අතර,එහිදී අධ්‍යක්ෂකවරයා අධීක්ෂණයෙන් පසු රැස්වීමක් කැ`දවා විශේෂයෙන් සදහන් කර ඇත්තේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඉහළ නංවන ලෙසයි.
මෙහිදී පහ වසර ගුරුවරිය,මෙතෙක් මුහුණදී ඇති ගැටලූව ලෙස 4 ශ්‍රේණියෙන් 5 ශ්‍රේණියට පැමිණෙන ළමයින්ගේ පවතින දුර්වල බව ශිෂ්‍යත්ව ප්‍රතිඵල කෙරෙහි බලපාන බව පෙන්වා දුන්නාය.
මෙම කරුණු පෙන්වා දෙන අවස්ථාවේ 4 වසර පංතිභාර ගුරුවරිය එදින පාසලේ නොපැමිණ තිබූ අතර,පසුව ඇය පැමිණ පසු පෙරදින සිදුවීම ඇයට අනෙකුත් ගුරුවරියන් පවසා තිබුණි.
එම අවස්ථාවේදී 4 වසර පන්තිභාර ගුරුවරිය පහ වසර පංතියට ගොස් පහ වසර ගුරුවරියට පහර දී පරුෂ වචනයෙන් බැණ වැදී ඇත.

0 comments:
Post a Comment