ජීවිතයට තියන ආදරය නිසා කටවහගෙන ඉන්න වෙලා
නදීශා හේමමාලී
zමේ රටේ යුද්දෙ ඉවර වුණාට පස්සේ බහුතරයක් වගේම මමත් අවංකවම සිතුවා මේ රටේ වරප්‍රසාද නැති,අපේ පන්තියේ මිනිසුන්ගේ හිත ඇතුළේ හිරවෙලා තියන හැම හීනයක්ම සැබෑ කරගන්න පුළුවන් වෙයි කියලා.ඒත් හිතාගන්නත් බැරි විදිහට දවසින් දවස මේ ආණ්ඩුව අපේ හිත්වල තියන හීන ඔක්කොම බො`ද කරලා දාන්න පටන් ගත්තා.ආණ්ඩුවේ ඉහළ මට්ටමේ ඉන්න කිහිදෙනෙක් අතේ හැම දේකම බලය හිර කරගෙන ඒ අයගේ හෙන්චයියන් කීප දෙනෙකුගේ හීන විතරක් සැබෑ කරන්න පටන් ගත්තා.කලාකාරයෝ විදියට අපි වුණත් හෙන්චයියෝ වුණේ.නැත්නම් අපි හදපු ටෙලි නාට්‍යක් ප්‍රචාරය කරගන්න හරි,චිත්‍රපටයක් හදන්න ණයක් ගන්න හරි බැරි තත්ත්වයක් උදා වුණා.අසාධාරණය හැම තැනම රජ කරන්න පටන් ගත් බවZජනපි්‍රය සිනමා නිළි දකුණු පළාත් සභා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂිත නදීශා හේමමාලී මෙනවිය පවසයි.
ඇය මේ බව පැවසුවේ මාතර ඉසදින් නගරයේ ස්වරාප්ස පාරේ ඇයගේ පක්ෂ කාර්යාලයේ ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.තවදුරටත් කතා කළ ඇය මෙසේද පැවසීය.මේ රටේ අසාධාරණයට අයුක්තිය වෙනුවට විරුද්ධව වචනයක් කතා කරන්න බැරි තත්ත්වයක් තියෙන්නේ.තමන් දිහා භයානක යක්ෂයෙක් හැංගිලා බලාගෙන ඉන්නවා වගේ කිසිම දෙයක් කතා නොකර හැමෝම භය කරන්න වෙලා.ජීවිතයට තියෙන ආදරය නිසා කටවහගෙන ඉන්න වෙලා.හෘද සාක්ෂියට එක`ගව කිසිම දෙයක් කරන්න බැරි තත්ත්වයක් උදාවෙලා.අපේ රසිකයන්ගේ දුක් වි`දින හිත් වලට කලාකාරයෝ විදිහට අපි හිනා වෙලා පුංචි වෙලාවකට හරි සන්තෝසයක් එකතු කරන්න උත්සාහ කළත් අපේ ජීවිත වලට මේ ආණ්ඩුව නිසා උරුම වෙච්ච දුක,කලකිරීම් සහ වේදනාව නිසාම අපි ළ`ග ඉතුරු වෙලා තිබ්බ හිනාවත් මැකිලා ගියා.මුළු රටම,සමාජයම බලයේ ඉන්න කිහිපදෙනෙක් නිසා දවසින් දවස අගාධයට යනවා නේද කියලා ඔබට වගේම මටත් මේ සියල්ල මැද්දේ දැනගන්නට වුණා.
මේ සියලූ අසාධාරණයන් අයුක්තිය මැද වටපිට බලනකොට පේන්න පටන් ගත්ත කලාකාරයෝ විතරක් නෙමෙයි.මේ රටේ ඉන්න සියයට අනූූවක් අහිංසකයන්ගේ හෙට දවස ගැන හිත්වල පුරවගෙන තිබ්බ බලාපොරොත්තු විනාශ වෙලා යනවා නේද කියලා.විශේෂයෙන්ම දේශපාලන භේදයකින් තොරවම මේ රටේ තරුණ තරුණියන්ගෙන් සියයට අනූ පහකටම ජීවිතේ කොහොමද පටන් ගන්නෙ.කියන ප්‍රශ්නෙට හරිහමන් උත්තරයක් නැහැඒත් රජගෙදර බේබිලාගේ තාරුණ්‍යට නම් හෙටක් උදාවෙලා තියනවා.
රජගෙදර ඒ බේබිලා කොච්ච සතුටෙන් ඉන්නවද කිව්වොත් බස් එකේ යන්න රු.10ක් හොයා ගන්න බැරිව අමාරුවෙන් මේ රටේ දස ලක්ෂ ගණක් තරුණ තරුණියන් දුක් වි`දිද්දිරජ ගෙදර බේබිලා රෑට පාරවල් වහගෙන රුපියල් කෝටි ගණන් වටින ලැම්බෝගිනි කාර් වල නැගලා රේස් පදිනවා.ඒ විතරක් නෙමෙයි ඉස්කෝලෙට දාන සපත්තු දෙකක් ගන්න රු.600ක් හොයා ගන්න බැරිකමට මීට සති කිහියකට කලින් වලපනේ දැරිවියක් ඛෙල්ලේ වැලලාගෙන මැරෙන කොට රජගෙදර එක බේබි කෙනෙක් ප්‍රසිද්ධියේ පම්පෝරි ගැහුවා එයා රුපියල් ලක්ෂ 1.5ක් වටින සපත්තු ජාති මිස වෙන එකක් දාන්නේ නැහැ කියලා.
මේවා අහනකොට ඔබේ වගේම දකුණේ ඉපදුණ මගේ ඇගේ ලේත් රත්වුණ නිසා තමයි මම තීරණය කළේ මෙම අසාධාරණයට අයුක්තියට හා බොරුවට එරෙහිව කි්‍රයාකාරී දේශපාලනයට එන්න.මම පරම්රාවෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයෙක් වුණත් මොන පක්ෂයෙන්ද මම දේශපාලනය කරන්නේ කියලා හො`දින් හිතලා තීරණය කරන්න මට සිද්ධ වුණා.එතකොට මට පෙණුනා විපක්ෂයේ පක්ෂ සිය ගණනක් පක්ෂ අද තිබුණත් ආණ්ඩුවක් පිහිටුවලා මේ විනාශයෙන් රට බේර ගන්න හයියක් සහ අවශ්‍ය තරම් විශාල ඡන්ද ප්‍රමාණයක් වික්ෂයේ අනෙක් හැම පක්ෂයටම වඩා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට විතරක් කියලා.

0 comments:
Post a Comment