24H Best Sinhala News In Sri Lanka

Tuesday, 25 February 2014

නොරොච්චෝලේ ඉංජිනේරු ගැටුමෙන්

01:19 By Era

නොරොච්චෝලේ ඉංජිනේරු ගැටුමෙන් බලාගාරයම අහිමිවීමේ අවදානමක්
ලංකා විදුලි සේවක සංගමය

නොරොච්චෝලේ බලාගාරයේ සිටින යාන්ත්‍රික ඉංජිනේරුවන් අබිබවා රාජකාරි බලය අල්ලා ගැනීමට විදුලි ඉංජිනේරුවන් කටයුතු කිරීම නිසා අනාගතයේ රටේ ජනතාවගෙන් හරි අඩකට විදුලිය සපයන බලාගාරයක් අහිමි වී යන බවත්,මේ නිසා මෙම ගැටලූව විස`දීමට බලධාරීන් වහාම මැදිහත් විය යුතු බවද,ලංකා විදුලි සේවක සංගමය සදහන් කරයි.
නොරොච්චෝලේ බලාගාරය කඩින්කඩ අක්‍රීය වීමට හේතු ලෙස ප්‍රමිතියකින් තොර උපකරණ ගැටලූව පෙන්වාදිය හැකි වුවත්,අද වනවිට බලාගාරය අක්‍රීය වීමට ප්‍රධාන හේතුව වී තිඛෙන්නේ දොස්තරගේ රාජකාරිය ඇටෙන්ඩන් විසින් කිරීමට යාමනිසා බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් රංජිත් ජයලාල් මහතා සදහන් කළේය.
පොදුවේ ගත් කල බලාගාරය පාලනය කළයුතු වන්නේ යාන්ති්‍රක ඉංජිනේරුවන් වුවත්,වර්තමානය වනවිට බලාගාරය පාලනය කරන්නේ විදුලි ඉංජිනේරුවන් බවත්,මේ නිසා කණ්ඩායම් දෙක අතර යම් ගැටුමක් ඇතිවී තිඛෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
මෙම ගැටුමේ ප්‍රතිඵලය ලෙස බලාගාරය කඩින්කඩ අකි්‍රයවෙමින් තිඛෙන බවත්,මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ ආණ්ඩුව විසින් බලාගාරය චීනුන්ට විකුණා දැමීම බවත් ප්‍රධාන ලේකම්වරයා සදහන් කළේය.
එදාට සිවිල්,විදුලි,යාන්ත්‍රික යන කිසිවෙකුටත් මෙම බලාගාරය තුළ රාජකාරි කටයුතු කිරීමට අවස්ථාවට නොලැබී යා හැකි බවත්,මීට අමතරව රටේ ජනතාවට මෙගාවොට් 900 ක බලාගාරයට අහිමි වී යන බවත් හෙතෙම කියා සිටියේය.
එයට හේතු වී තිඛෙන්නේ බලාගාරයේ සම්පූර්ණ වැඩ කටයුතු අවසන් වූ පසු මෙගා වොට් 900ක ධාරිතාවක් නිෂ්පාදනය වන නිසා බවත්,එය ආසන්න වශයෙන් රටේ විදුලි නිෂ්පාදනයෙන් හරි අඩකට ආසන්න බවත් රංජිත් ජයලාල් මහතා වැඩිදුරටත් සදහන් කළේය.

0 comments:

Post a Comment